දුටුගැමුණු රජතුමාට පෙර බුද්ධ ඉතිහාසයේ වෙසක් උත්සවයක් තිබුණේ නැත. බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය යන අවස්ථා තුනම සංකේත කිරීමට එක් දිනයක...
දුටුගැමුණු රජතුමාට පෙර බුද්ධ ඉතිහාසයේ වෙසක් උත්සවයක් තිබුණේ නැත. බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය යන අවස්ථා තුනම සංකේත කිරීමට එක් දිනයක් වෙනකොට උත්සවයක් ලෙස පැවැත්වීමට සැලසූයේ දුටුගැමුණු රජුය. ඔහු වෙසක් විසි ගණනක් රජ කළ බව පැවසූයේ අවුරුදු වෙනුවට වෙසක් සංකේත කිරීමෙනි. එසේ නැතිව සිදුහත් කුමරු ඇත්තටම ඉපදුනෙත්, බුදු වූයේත්, බුදුන්වහන්සේ පිරිනිවන් පෑවෙත් මැයි මාසයේ පුර පසළොස්වක් දින නොවේ. එක දිනයක් බුද්ධ ඉතිහාසයේ අවස්ථා තුනක් සංකේත කිරීමට යෙදුණා පමණි.
එනමුදු දැන් හාමුදුරුවරු මහජනතාවට දැනුම් දෙන්නේ එම අවස්ථා තුනම මෙවැනි එක් දිනක සිදු වුණු ලෙසය. මෙය මහජනතාව මුලා කිරීමකි. මහායාන බුද්ධාගමේ බුද්ධත්වය සිදු වූ ලෙස හඳුන්වන්නේ අප්‍රේල් 08 වනදාය. එම දිනයද 1582 දී ජූලියන් (Julian) දින දර්ශනයෙන් ග්‍රෙගෝරියන් (Gregorian) දින දර්ශනයට මාරු වන විට දින 10ක වෙනසක් සිදු වූ නිසා නිවැරදි විය නොහැක.
ඇත්ත වශයෙන්ම සිදුහත් උපත සිදු වූ වර්ෂය ද නිශ්චිත නැත. එය ක්‍රි.පූ. 563 - 483ත් අතර සිදු වූවක් බව ඉතිහාසඥයෝ පවසති.
"වයිසාක" (Vaisaka) යනු හින්දු දින දර්ශනයේ දෙවන මාසයයි. ඔවුන්ගේ අවුරුද්ද පටන්ගන්නේ වසන්ත සමයේදීය. "වයිසාක" යනු සමය (කන්නය)යි. වෙසක් යන නමද මැයි මාසයේ හින්දු දින දර්ශනයෙන් උපුටා ගත් දෙයක් බව පෙනේ.
"පූර්ණිමා" නොහොත් පොහොය දවසද හින්දු ආගමේ පූජා දිනයකි. එයද හින්දු සහ ජෛන සංකල්ප මිශ්‍ර වූ බුදුන් නොවදාළ "බුද්ධාගම" විසින් උපුටාගෙන ඇත. බුදුන් වදාළ ධර්මය බුද්ධාගම නොවේ. බුද්ධ දර්ශනයයි.
"මා දේශනා කරන්නේ ආගමක් නොවේ."..... බ්‍රහ්මජාල සූත්‍රය
බුද්ධ දර්ශනයේ නිවන් දැකීමට විශේෂ දින නැත. "සන්දිට්ඨිකෝ - " මේ දැන්" - "Here and Now" වශයෙන් හැඳින්වූයේ ඕනෑම දිනක, ඕනෑම වෙලාවක නිවන් දැකිය හැකි නිසාය. කෙසේ වෙතත් පසුගිය අවුරුදු 2100 තුළ මෑත කාලය වනතෙක් පෝය දින කෙසේ වෙතත්, කිසි දිනක කවුරුත් (බණ දෙසන්නන් හෝ බණ අසන්නන්) නිවන් දැක නැත.
එනමුදු නිවන් දකින ක්‍රමය පසුගිය අවුරුදු කිහිපය තුළ දැන් විවෘත වී ඇත. මෙතෙක් වන විට අපගේ සාකච්ඡාවලට පැමිණ සෝතාපන්න දර්ශනය දැක ගත් අය ලංකාවේ පමණක් 500කට අධික වේ. එසේ වූයේ බුද්ධාගමෙන් නොවේ. ඔවුන් "බුද්ධ+ආගම" නමැති ඇදහිලි ක්‍රමය අතහැර බුද්ධ දර්ශනයට පුහුණු වූ අයය.
දුටුගැමුණු රජතුමා හින්දු ආගමෙන් උපුටා ගත් "වෙසක්" දිනය උත්සවාකාරයෙන් පැවැත්වීම බුදු පණිවුඩය නොවේ. බුදු උපදේශය මේ දැන් (සන්දිට්ඨිකෝ) නිවන් දැකීමය. කෙසේ වෙතත් මෙකල වෙසක් පැවැත්වෙනුයේ උත්සවයක් ලෙසය. යමෙකුගේ ඉපදීම දුක යැයි හාමුදුරුවරු පවසන්නේ නම් සිදුහත් උපතද උත්සවයක් ලෙස පවත්වන්නේ ඇයි? සිද්ධාර්ථ කුමරුද මනුෂ්‍යයෙකි. සෑම මනුෂ්‍යයකුටම ඉපදීම දුක යන්න අනුකූල වේ නම් සිදුහත් කුමරාටද එය අනුකූල විය යුතුය.
ඇත්ත වශයෙන්ම ඉපදීම දුක නොවේ. එය දුක වශයෙන් බමුණන් වෙනස්කොට ගත් "දුක්ඛ" යන වචනයේ තේරුම යැයි දැන් හාමුදුරුවරු පවසන්නේ ඔවුන්ගේ ජීවන ක්‍රමය රැකගැනීම සඳහාය. එය බුදු වදන නොවේ. "දුක්ඛ" යනු වෙන වචනයකි. එක වගේ ශබ්ධ වන වචනවලට නොයෙකුත් නොමඟ යන තේරුම් දීම එදා මෙන් අද ද බමුණන් කරන දෙයකි. දුක යනු මාගධි භාෂාවෙන් "ශෝක" වේ.
වෙසක් උත්සවයක් ලෙස දුටුගැමුණු සමයේ සිට පැවැත්වූවද, ඉන්පසු කිසිම කෙනෙක්, එනම් කිසිම බණ දෙසන්නෙක් හෝ කිසිම බණ අසන්නෙක් "බුද්ධාගම" තුළින් නිවන් දැක නැත. අන්තිම රහතන් වහන්සේ වන මලියදේව හිමි ද දුටුගැමුණු රජ අභාවප්‍රාප්ත වනවිට මහලු වියේ සිටිබව සෙල්ලිපිවල සඳහන් වේ. (මහාචාර්ය විමල් විජේරත්නගේ කැණීම්). ත්‍රිපිටකය ලිව්වේද ඉන් අවුරුදු 48කට පසුවය.
මෙකල වෙසක් දිනවල කරන දාන, ශීල, භාවනා ව්‍යාපාර චීවරධාරීන්ගේ මුදල් උපයා ගැනීමේ කූඨ ක්‍රම වී ඇත. දාන, ශීල, භාවනාවලින් නිවන් නොදකින බව ධම්මචක්කපවත්වන සූත්‍රයේ දොළොස් වරක් බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇතත් දැන් වෙසක් සමයේ සිදු වන්නේ එවැනි බුදු වදනට සම්පූර්ණයෙන්ම විරුද්ධ හින්දු සහ ජෛන ආගමික ක්‍රමයන්ය. මේ බව දැන දැනත් චීවරධාරීන් මහජනතාව නොමඟ යැවීම ඉතාමත් කණගාටුදායක කරුණකි.
එසේම මහජනතාව කිසිම දෙයක් සොයා නොබලා බෞද්ධයන් වශයෙන් එවැනි කටයුතුවල නිරත වීම මෝඩකමකි. බුදුන් වහන්සේ එසේ කිරීමෙන් නිවන් නොදකින බව ප්‍රකාශ කර ඇති බවවත් හාමුදුරුවරු මහජනතාවට නොපැවසීම වංචාවකි.
සිල් ගැනීමෙන් සීලබ්බත පරාමාස නැති නොවන බව දැන දැනත් එසේ කිරීමට මහජනතාවට බල කිරීම බුදු පණිවුඩයට අපහාසයකි. එක පවුලකින් එක්කෙනෙක්වත් සිල් ගන්නා ලෙස බල කිරීම බුදුන් වහන්සේ ජීවමානව සිටීනම් කිසිසේත් අනුමත නොකරනු ඇත.
මුදල් පරිහරණය නොකරන බවට මහණ වන විට බුදුන් වහන්සේ ඉදිරියේදී පොරොන්දු වුණු චීවරධාරීන් අද ලංකාවේ කෝටිපතියන් වී ඇත. ඔවුන් නොමඟ යවන ලද ලංකාවේ අඥානවන්තයෝ කවදා පිරිසිදු බුදු පණිවුඩයට යොමු වේද?.
නමුත් ඔවුන්ට දැන් අවුරුදු 2100කට පසු බුද්ධාගමේ සීලවෘතවලින් මිදී පිරිසිදු බුදු පණිවුඩයට යොමු වී සෝවාන් වීමට අවස්ථාව සැලසී ඇත. එය කළ හැක්කේ දැන් පවතින හින්දු සහ ජෛන ආගම් මිශ්‍ර වූ නමට පමණක් බුදුන් වහන්සේ ආදේශ කර ගත් මුදල් පසුපස යන ජාවාරම්කරුවන්ගෙන් වෙන් වී " බුද්ධාගම" අතහැර පිරිසිදු බුද්ධ දර්ශනයට යොමු වීමෙනි.
පිරිසිදු බුදු පණිවුඩයේ සිල් ගන්නා, දන් දෙන, භාවනා කරන" මම" හෝ "කෙනෙකු" නැත. යථාභූත ඥාන දර්ශනය මතු වන්නේ "චේතෝ විමුක්ති" යන සිතිවිලි නැවැත්වීමේ ක්‍රමයෙනි.
චීවරධාරීන් නොමඟ යවන ලද ලාංකික අඥානවන්තයන්ගේ ඇස් ඇරීම මේ 2018 වෙසක් සමයේදීවත් සිදු වේද? මෙම අඥානවන්තයන් අතර අධ්‍යාපනය ලද යයි කියන වෛද්‍යවරු, නීතිඥවරු, ගණකාධිවරු හා විද්‍යාඥයන් ද අධිකය. දේශපාලඥයන් ගැන මෙහිදී කිව යුතු නොවේ.
සන්දිට්ඨිකෝ ලෙස මේ දැන් නිවන් දැකිය හැකි වූවත් කීදෙනෙක් 2018 මේ වෙසක් සමයේ බුදුන් නොවදාළ දේවල් දේශනා කරන නිවන් නොදැකපු චීවරධාරීන්ගෙන් බණ අසා නිවන් දකීද?
කෙසේ වෙතත් තමා තුළින් මාර්ගය නොදන්නා නිසා නිවන් නොදැකපු චීවරධාරීන් පොත්වලින් සුරංගනා කතා කියමින් මහජනතාවට මාර්ගය කියා දෙන්නේ කෙසේද?. ඔවුන් ඥානවන්තයන් බිහි නොවන ලෙස කටයුතු කර ඇති "බුද්ධාගමෙන්" මේ වෙසක් සමයේදී ද තවත් පොහොසත් වනු නොඅනුමානය.
- ගාමිණි අභය
COMMENTS