පසුගිය අගෝස්තු මහා මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම දිනන අවස්ථාවක ඊට මැදිහත් වී ශ්‍රිලනිප සභාපති ල...
පසුගිය අගෝස්තු මහා මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම දිනන අවස්ථාවක ඊට මැදිහත් වී ශ්‍රිලනිප සභාපති ලෙස පක්ෂයේ ලේකම්වරුන් දෙදෙනා ඉවත්කිරීම හරහා එම අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් බව තරයේ සිහිතබා ගත යුතු බවට පසුගිය බදාදා ජනාධිපති කාර්යාලයේදි මුණගැසුනු එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට පැවසු බව අද ඉරිදා මව්බිම මුල් පිටුවේ වාර්තා කොට ඇත.
“පසුගිය මැතිවරණය පවත්වන්නට ආසන්නයේ ශ්‍රිලනිප සහ එක්සත් ජනතා සංධානයේ ලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් නොකරන්න එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි වෙන බව මේ සාකච්ඡාවේදි පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ඒ බව හොදින් මතක තබාගන්නවාන් නම් හොදයි යන්න” පැවසු බැව් එම පුවතේ සඳහන් කොට ඇත.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එක්වී සිටින මැති ඇමතිවරුන් ආණ්ඩුවන් වෙන්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේ එය දෙසැම්බර් මාසය දක්වා කල් යවා ගැනිමට තමා විශාල වෙහෙසක් ගත් බවත් එසේ නොවන්නට යූඑන්පී ආණ්ඩුවට වෙන දෙය ගැන සිතා බලන ලෙසත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අනතුරු ඇගවු බැව් මව් බිම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.
– මූලාශ‍්‍ර මව්බිම

COMMENTS