ශ්‍රී ලංකාවේ පවත්නා සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට සන්නිවේදන ලොව දැවැන්තයින් දෙදෙනෙකු වන එටිසලාට් හා හච් යන සමාගම් එකඟතාවයකට පැමිණ ඇතැයි වාර...
ශ්‍රී ලංකාවේ පවත්නා සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට සන්නිවේදන ලොව දැවැන්තයින් දෙදෙනෙකු වන එටිසලාට් හා හච් යන සමාගම් එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එමිරේට්ස් සිට ක්‍රියාත්මක වන එටිසලාට් සමූහය හා හොංකොං හි සිට ක්‍රියාත්මක වන සී කේ. හචිසන් සමූහය විසින්මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ මේ වන විට හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා හා එටිසලාට් ලංකා යන සමාගම් යටතේ මේ වන විට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට තීරණය කළ බවයි.
මෙම ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව වැඩි කොටස් ප්‍රමාණය සී කේ. හචිසන් සමූහයට අයත් වනු ඇති බවද එම මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.
ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
COMMENTS