ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේ...
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (08) යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පවත්වනු ලැබීය.
දින තුනක සංචාරයක් සඳහා උතුරු පලාතට පැමිණ ඇති ආරුම්ගම් තොණ්ඩමන් මහතා පළමුව උතුරේ වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා හමු වී ඇත.
අවසන් වූ පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා රැසක බලය හිමිකර ගැනීම හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය අංශය විසින් මෙම සාකච්ඡාව සිදු වූ බවට දැනුම් දෙනු ලැබීය .
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව හා මධ්‍යම පළාත් සභාවල අමාත්‍යවරුන් වන සෙන්දිල් තොණ්ඩමන් සහ එම්.රමේෂ්වරන් යන මහත්වරුන්ද සහභාගී වූහ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS