දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති පොලිස් කොමිසමට වඩා උසස් ද?
Homeගොසිප්

පොලිස්පති පොලිස් කොමිසමට වඩා උසස් ද?

PropellerAds

පසුගිය මාර්තු අගදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට ...

'රුපියලේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි' - මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ.
පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබුණත් : හිරුණිකාගේ නිවසට හොරු පැනලා.
කොහුවලට සහ තවත් නගර 3කට හංගේරියාවෙන් ගුවන් පාලම් 3ක්.
පසුගිය මාර්තු අගදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබිණි. 

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඊ. ජයසූරිය, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම යන අය නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන මෙන් පොලිස් කොමිසම නිර්දේශ කර තිබුණ ද පොලිස්පතිවරයා එම නිදේශය ක්‍රියාත්මක කරන්නේ නැත.

පොලීසියේ සියලු උසස්වීම්, මාරුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ පොලිස් කොමිසම විසිනි. එහෙත් ඉහත කී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් විවිධ හේතු දක්වමින් පොලිස්පතිවරයා එය ක්‍රියාත්මක කිරීම මඟ හරිමින් සිටී.

ඔහු තැන් තැන්වල පවසන්නේ පාලිත සිරිවර්ධන යනු රාජපක්ෂලාගේ අතවැසියකු බවත් ගාමිණී පෙරේරා යනු යාපනයට මාරුවීමක් ලබා දුන් විට අභියාචනයක් ඉදිරිපත් කර මාරුව වළක්වාගත් පුද්ගලයකු බවත් ය.

මේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනාම තව මාස කිහිපයකින් විශ්‍රාම යාමට නියමිතව සිටින අයයි. පොලිස්පතිවරයා කරන්නේ ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාදයක් හිතා මතා ම අවහිර කිරීමය.

මේ අතර ඊයේ (23) ද පොලිස් කොමිසම රැස්වී තිබේ. ඊයේ ද මෙම උසස්වීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ සාකච්ඡාවට ගෙන ඇත. පොලිස් කොමිසම විසින් නියෝග කර මාසයක් ගත වී ඇතත් පොලිස්පතිවරයා මෙම උසස්වීම් හිතා මතා අවහිර කරමින් සිටීම පිළිබඳව එහිදී කතාවට ලක්වී තිබේ.

මේ අනුව දැන් උද්ගතව ඇත්තේ පොලිස් කොමිසමෙන් ඵලක් නොමැති තත්වයකි. පොලිස්පතිවරයා ක්‍රියා කරන්නේ පොලිස් කොමිසමේ නිර්දේශ අනුව නොව තමන්ගේ හිතූ මතයට අනුවය. පොලිස්පතිවරයා පොලිස් කොමිසම තබාගෙන සිටින්නේ ඔහුගේ තීරණවලට මුද්‍රාවක් වශයෙන් පමණි. පොලිස්පතිවරයා හිතා මතා ම පොලිස් කොමිසම අතිශයින් හෑල්ලුවට ලක් කර තිබේ.

එහෙත් පොලිස්පතිවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බලධාරීන් කිසිවකුත් කිසිදු තීන්දුවක් ගන්නා ආකාරයක් ද පෙනෙන්නට නැත.

(LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති පොලිස් කොමිසමට වඩා උසස් ද?
පොලිස්පති පොලිස් කොමිසමට වඩා උසස් ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-26zvW6v5wViUBcnJoQ-VN_7gOeOpuA7hyesDwfByrKueAm18GzcpbL0aGBJnFpzTyxhyJdr6EWThtcnFnT1lto1nNq139BlPrXL-2mOXD7QU02eIFyi1GEG4c83cwzZAFlokBMlbnW0/s1600/Pujitha+Ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-26zvW6v5wViUBcnJoQ-VN_7gOeOpuA7hyesDwfByrKueAm18GzcpbL0aGBJnFpzTyxhyJdr6EWThtcnFnT1lto1nNq139BlPrXL-2mOXD7QU02eIFyi1GEG4c83cwzZAFlokBMlbnW0/s72-c/Pujitha+Ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_213.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_213.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy