කඩුගන්නාව නගරය හා ඒ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් නගර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය මගින් කටයුතු යොදා ඇති ...
කඩුගන්නාව නගරය හා ඒ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් නගර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය මගින් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියනක පමණ මුදල් වැය කිරීමට නියමිතය.
මෙම සංවර්ධන සැලැස්ම යටතේ බස් නැවතුම්පොළ දෙකක්, සුපිරි වෙළෙඳසැලක් සහ ප්‍රධාන මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත.
මීට අමතර ව දුම්රිය ස්ථාන හා ඒ අවට ප්‍රදේශයද මුළුමනින්ම සංවර්ධනය කරන අතර දුම්රිය කෞතුකාගාරය සංචාරකමය වශයෙන් වැදගත් වන ආකාරයෙන් සංවර්ධනය කිරීමට ද නියමිතය.
COMMENTS