ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්විමක් අද රාත්‍රීයේ පැවැත්විමට නියමිතය. අද (09) රාත්‍රී 07.00ට ජනාධිපති මෛත්‍රීපාල ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්විමක් අද රාත්‍රීයේ පැවැත්විමට නියමිතය.
අද (09) රාත්‍රී 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්විම පැවැත්වෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාට ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්විමට අවස්ථාව ලබා දෙන ලෙස ඔවුන් මේ වන විට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ලැබෙනු ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මෙම තීරණයෙන් පසුව ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ඔහු සදහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබේ.
COMMENTS