රට හැමතැනම මිනිස්සු විවිධ ප්‍රශ්න නිසා මරා ගන්න තත්වයකට පත්වී ඇති බවත් මෙම තත්වයට ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතු බවත් එක්සත් ජාතික නිදහස් ...
රට හැමතැනම මිනිස්සු විවිධ ප්‍රශ්න නිසා මරා ගන්න තත්වයකට පත්වී ඇති බවත් මෙම තත්වයට ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතු බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (05) හවස රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද රට සම්පූර්ණයෙන්ම අරාජික, අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙලා. මේකට හේතුව රට පාලනය කරන ආණ්ඩුව තුල තිබෙන අසමගිය බව හොදින් පේන්න තියෙනවා මේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් නෙවේ. අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් විටින් විට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව තුල කිසිදු විශ්වාසයක් නෑ. ඒ ඒ අමාත්‍යංශ පාලනය කරන ඇමතිවරු සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයා තුල විශ්වාසයක් නෑ රටේ පවතින ආයතන අද එක ඇමතිවරයෙක් යටතේ හෙට තවත් ඇමතිවරයෙක් යටතේ ඇමතිකම් දීපු ඇමතිවරු විටින් විට මාරු කරන බවට ආණ්ඩුවෙ විවිධ පාර්ශව වලින් ප්‍රකාශ නිකුත් වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයින් අතරින් කිසිදු විශ්වාසයක් මෙ නායකයින් සමිබන්ධයෙන් නෑ. වෘත්තිකයන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. විදේශ ආයෝජකයින්ට රටෙ ආර්ථිකය ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. මෙහෙම රටකට එක පියවරක්වත් යන්න බැහැ”
“අද රටෙ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න ආණ්ඩුවට උවමනාවක් නෑ. අගමැතිවරයාට රටෙ ප්‍රශ්න විසදන්න වෙලාවක් නෑ. තමන්ට එන ප්‍රශ්න විසදලා ඉවර වෙන කොට රටෙ ප්‍රශ්න විසදන්න අගමැතිවරයාට කාලයක් නෑ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දෙපාර්ශවයට දොස් කියා ගනිමින් පසුගිය මැතිවරණයේදී නාඩගමක් පෙන්වමින් හිටියා. මැතිවරණයෙන් දෙදෙනාටම අන්ත පරාජයකට පත්වීමත් සමග නැවත සුපුරුදු මාවත ඔස්සේ ගමන් කරමින් ඉන්නවා. අපි අහනවා කෝ දැන් මෙ ආණ්ඩුව හැට දෙලක්ෂයක් ජනතාවට දෙනව කිව්ව යහපාලනය. මෙ ආණ්ඩුව මෙ මොහොතේ කරන්නේ රාජපක්ෂ හොරු කියන පරණ තැටිය වාදනය කරමින් ජනතාව රැවටීමයි. නමුත් ආණ්ඩුව කියන කාරණය ජනතාව පිළිගන්නෑ කියලා පසුගිය මැතිවරණ ප්‍රතිඵල වලින් ජනතාව පෙන්වලා ඉවරයි. අද ජනාධිපති තුමා කෙලින් තීන්දු ගන්න බැරිව අසරණ වෙලා. අගමැතිවරයා තම ගජ මිතුරන් හොරකම් කරපුවා වහගන්න දගලනවා. රට අයාලේ යනවා රටෙ තැන් තැන් වලින් ජාතිවාදී, ආගම්වාදී, විවිධ මුලධර්මවාදී සංවිධාන හිස ඔසවමින් රටේ මහ විනාශයක් කරමින් ඉන්නවා”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS