ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අලුත් ගිවිසුමක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අලුත් ගිවිසුමක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පෙර සිදු වූ වැරදි අඩුපාඩු පිළිබදව අධ්‍යයනය කර අලුත් ආකාරයෙන් රට ඉස්සරහට යන ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කිරීමට මෙම අලුත් ගිවිසුම සකස් කිරීමට නියමිත අතර ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු මිට අදාල කටයුතු වහාම සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බව එජනිස මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේදය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේ. “ යැයි ඊයේ (22) අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා මෙසේද පැවසී ය.
“අලුත් යෝජනාවලියක් සමග අලුත් ගිවිසුමක් සකස් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පෙර සිදු වූ වැරදි අඩුපාඩු පිළිබදව හොඳට අධ්‍යයනය කරලා අලුත් ආකාරයෙන් රට ඉස්සරහට යන ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්නයි. ජනාධිපති තුමා ලංකාවට පැමිණි පසු මිට අදාල කටයුතු වහාම සිදු කිරීමට එතුමා පියවර ගන්නවා. මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ වාඩිවෙන්න යන 16 දෙනාටත් අපි ආරාධනා කරලා තියෙනවා ආණ්ඩුවට එකතුවෙන්න කියලා. විශ්වාසභංගයට පස්ක්ෂව ඡන්දය පාවිච්චි කලා කියලා විපක්ෂයට යන්න අවශ්‍යතාවයක් නෑ.
එතුමාලට තවම මේ ආණ්ඩුවේ රැදි ඉන්න අවස්ථාව තියෙනවා. ඒවගේම අපේ ආරාධනයත් තියෙනවා මේ ආණ්ඩුවේ ඉන්න කියලා. අපේ ආරාධනයත් ප්‍රතික්ෂේප කරලා යනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඒ වගේම කියන්න ඕනේ මටත් දුමින්ද දිසානායකටත් ලේකම් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න කියලා දෙන්නෙක් තුන්දෙනෙක් නිතර නිතර කියනවා. ඒක බහුතරයකගේ මතයත් නෙමෙයි. බහුතරය එහෙම කියන්නෙත් නෑ. එහෙමෙයි කියලා මට සදා කල් මේ තනතුරුවල ඉන්න ආසාවකුත් නෑ. මම පුද්ගලිකවම ජනාධිපති තුමාට කියලා තියෙනවා මම මේ තනතුරු ඕනම වෙලාවක බාරදෙන්න ලෑස්තියි. මම මේ තනතුරින් යන්න ලෑස්තියි කියන්නේ මේ තනතුර වෙනත් පක්ෂයකට ගිහින් පුජා කරන්න කියන එක නම් නෙමෙයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න මේ තනතුර උපයෝගී කර ගන්න ඕනේ කෙනෙකුට මේ තනතුර දෙන්න අපි සුදානම්. ඔය නිතර නිතර දොඩවන්නේ කීපදෙනෙකු විතරයි. ඒඅයගේ ඉතිහාසය බැලුවත් කොහොම ඒවාද කියලා අපිට වඩා හොඳට මේ රටේ මිනිස්සු දන්නවා. ඒ අය හැමදාමත් කරන්නේ කාට කාට හරි අපවාද අවලාද කියන එකම තමා. ඒ නිසා ඒ අය කියන දේ ගැන එච්චරටම සැළකිලිමත් විය යුතු නෑ.‘‘යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS