දකුණු පළාත් සභාව අද (24) රැස්වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු කොස් කොළ සහ ක්‍රෝටන් කොළ සභාවට ගෙන ඒමත්, එක්සත් ජාතික පක...
දකුණු පළාත් සභාව අද (24) රැස්වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු කොස් කොළ සහ ක්‍රෝටන් කොළ සභාවට ගෙන ඒමත්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ඊට ප්‍රතිචාර ලෙස තණකොළ මිටක් සභා ගැබට ගෙන ඒමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් (එ.ජ.නි.ස.) මහතා කොස් කොළ මාලයක් පැලඳගෙන සභාගැබට පැමිණ ඇති අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී. පියසිරි (එ.ජ.නි.ස.) මහතා සභාවේ සිටි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට ක්‍රෝටන් කොළ බෙදා දී තිබේ.
ඉන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ධනවංශ ද සිල්වා මහතා සභාගැබට කොස් කොළ ගෙන ආ අය දියයුත්තේ තණකොළ යැයි පවසා තණ කොළ මිටක් ප්‍රදර්ශනය කර ඇත.
COMMENTS