ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට එහි පාලනාධිකාරය එකඟවී ඇත. ඒ සඳහා වන ලිඛිත පොරොන්දුව ඔවුන් වෘත්තීය සමිති සා...
ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට එහි පාලනාධිකාරය එකඟවී ඇත.
ඒ සඳහා වන ලිඛිත පොරොන්දුව ඔවුන් වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දන්වා තිබේ.
මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම අද පස්වරු 6.30 න් පසුව සිදුකිරීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අශෝක් අබේසිංහ, ගුවන් තොටුපොළ පාලනාධිකාරිය, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් හා වෘත්තීය සමිති සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවේදී වැටුප් වැඩිකිරීමට එකග වී ඇත.
ඒ අනුව ඔවුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අවසන් කර ඇත.
COMMENTS