ඉස්කුරුප්පු නියනක හා යකඩ උලක ආධාරයෙන් නිවෙස්වල දොරගුලු කඩා නිවාස 18 ක ඇතුල්වී රුපියල් ලක්ෂ ගණනක දේපල සොකරම් කළ සොර කල්ලියක් වැලිමඩ පොලිසි...
ඉස්කුරුප්පු නියනක හා යකඩ උලක ආධාරයෙන් නිවෙස්වල දොරගුලු කඩා නිවාස 18 ක ඇතුල්වී රුපියල් ලක්ෂ ගණනක දේපල සොකරම් කළ සොර කල්ලියක් වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිමඩ දිවිතොටවෙල ප‍්‍රදේශයේ නිවසක් බිද විදුලි උපකරණ සොරාගත් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කරන ලද පොලිස් පරික්ෂණ වලදී ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 35 අතර පසුවන සැකකරුවන් සිව් දෙනෙකු සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මොවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදු කරන ලද කොල්ලකෑම් රැසක් පිළිබදව තොරතුරු අනාවරණය වි තිබේ.
වැල්ලවාය, තංගල්ල, ඇඹිලිපිටිය, මොරකැටිය, සෙවනගල, අඹගස්දෝව, ඌවපරණගමආදී ප‍්‍රදේශවලින් මෙම කල්ලිය කොල්ලකන ලද රන් ආභරණ, ලැප්ටොප් පරිගණක, රූපවාහිනි යන්ත‍්‍ර, වාලංපුරි, ජංගම දුරකථන ඇතුළු රුපියල් ලක්ෂ පනහකට අධික උපකරණ තොගයක් මේ වන විට පොලිසිය මගින් සොයා ගෙන තිබේ.
එමෙන්ම කොල්ලකෑමට යොදාගත් මොටර් රථයක්, මෝටර් බයිසිකලයක් හා ත‍්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මොවුන් සිදු කරන ලද තවත් කොල්ලකෑම් පිළිබදව පොලිස් පරික්ෂණ මේ වන විට ආරම්භව තිබේ.
සිද්ධිය පිළිබදව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.
(වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක)
COMMENTS