දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

"HIV බියක්" නිසා කුලියාපිටිය ත්‍රිත්ව විද්‍යාලයට ගිය දරුවාට අකිලගෙන් උපකාර

PropellerAds

"HIV බියක්" හේතුවෙන් සිය දියණියගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ වෙසෙන දැරියකගේ භාරකරුවෝ පවසති. අදාළ පා...

චීන පොහොර ගෙනාවේ ජනාධිපති ලේකම්ගේ ඥාති පුතෙක් – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
ගෑනුන්ට ගහන මහරගම නගරාධිපති දෙනෝදාහක් සෙනග මැද්දේ චණ්ඩියෙක් වෙයි! (VIDEO)
ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි… හැමෝම එකතු වෙලා ජනතාව රජ කරවමු – නාමල්

"HIV බියක්" හේතුවෙන් සිය දියණියගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ වෙසෙන දැරියකගේ භාරකරුවෝ පවසති.

අදාළ පාසල් දැරියගේ මව HIV ආසාදිත කාන්තාවක වන බැවින් ඇයට විදුහල්පතිවරයාගෙන් කෙනහිලිකම් සිදුවන බවට භාරකරුවෝ චෝදනා කරති.

දැරියගේ භාරකරුවන් වන ඇයගේ මවගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දැරිය විදුහල්පතිවරයාගෙන් එල්ල වන කෙනහිලිකම් හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවය.

කෙසේ නමුත් අදාළ විදුහල්පතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඉහත කී දැරිය පාසලෙන් අස්කර වෙනත් පාසලකට රැගෙන යන මෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඇය ඉගනුම ලබන කනිෂ්ඨ පාසලේ බලධාරීන් තමන් පාසලට කැඳවා පැවසූ බව දැරියගේ භාරකරුවෝ පසුගිය වසරේදී ද චෝදනා කළහ.

2017 මාර්තු 20 වෙනිදා පාසල ඉදිරිපිටට රැස්වූ දෙමව්පියන් පිරිසක් දැරිය පාසලට ඇතුළුවීම වැළැක්වීමට ද උත්සාහ කර තිබිණි.

ඒ හේතුවෙන් දැරියගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී මසකට අධික කාලයක් නිවසේ නතර වී සිටීමට සිදුවිය.

"HIV බියක්" හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමි කර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබා දීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබීය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබා දීමට අබාන්ස් පෞද්ගලික ආයතනය ඉදිරිපත් විය.

ඒ අනුව 2018 වසර සඳහා වන කුලී මුදලට අදාළ චෙක්පත  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලබා දීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම අබාන්ස් ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"HIV බියක්" හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ  ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු උපදෙස් මතයි.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "HIV බියක්" නිසා කුලියාපිටිය ත්‍රිත්ව විද්‍යාලයට ගිය දරුවාට අකිලගෙන් උපකාර
"HIV බියක්" නිසා කුලියාපිටිය ත්‍රිත්ව විද්‍යාලයට ගිය දරුවාට අකිලගෙන් උපකාර
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/hiv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/hiv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy