දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති - අගමැති එක මතයක: ෆේස්බුක් තහනම ඉවත් කිරීමට FB නිලධාරීන් හෙට ජනපති කාර්යාලයට
Homeප්‍රවෘත්ති

ජනපති - අගමැති එක මතයක: ෆේස්බුක් තහනම ඉවත් කිරීමට FB නිලධාරීන් හෙට ජනපති කාර්යාලයට

PropellerAds

ෆේස් බුක් සමාගමේ නියෝජිතයින් සමඟ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා හෙට (15) ජනාධිපති කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව ෆේස් බුක...

ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි
දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි
සිළුමිණ කර්තෘ චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි
ජනපති - අගමැති එක මතයක: ෆේස්බුක් තහනම ඉවත් කිරීමට FB නිලධාරීන් හෙට ජනපති කාර්යාලයට

ෆේස් බුක් සමාගමේ නියෝජිතයින් සමඟ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා හෙට (15) ජනාධිපති කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව ෆේස් බුක් අවහිරතාවය ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි.

සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හැකි ඉක්මනින් ෆේස්බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය පියවර ගෙන තිබිණි.

ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප්‍රවේශය ඊයේ (13) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට රජය කටයුතු කළේය.

තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිවරයා, අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වට්ස්ඇප් සේවාව වෙත දැනට ක්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී ඇත.

රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි ක්‍රියාවන්ට වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

FB නිලධාරීන් හෙට ලංකාවට

මේ අතර අද(14) පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගියදා රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් සහ ඉදිරියේදී රටේ සමාජ ඡාලා මාධ්‍යයන්හි ක්‍රියාකාත්රීත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට(15) ෆේස්බුක් බලධාරීන් දිවයිනට පැමිණෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා මෙසේ ද පැවසී ය.

“එක් අතකින් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම තුළින් ඒ හරහා කෙරෙන ධනාත්මක ක්‍රියා නතර වූ විට එයින් සමාජයට හානියක් සිදු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට, පණිවුඩ හුවමාරුවට මෙන්ම ආර්ථිකයට හානියක් වෙනවා. අප මෙහි ධනාත්මක භාවයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි. එම ධනාත්මක භාවයෙන් සැබෑ ප්‍රයෝජනය ලබා ගන්නට නොහැකි නම් සමාජයට විශාල හානියක් සිදු වෙනවා. එම ධනාත්මක කටයුතු කඩාකප්පල් කිරීමට අපට අවශ්‍ය නැහැ. අනෙක් අතට සමාජ මාධ්‍ය ජාලා තුළින් සමාජයේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමටත් අවශ්‍ය වන්නේ නැහැ. මහනුවර ඇති වූ සිද්ධිය මීට හොඳම උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි.

මහනුවර සංචාරක ව්‍යාපාරය දෙස බලන්න. මහනුවර තිබෙන හෝටල් සංඛ්‍යාව ඉතා සීමිතයි. නිවෙස්වල කාමර පවා සංචාරකයන්ට ලබාදෙන ව්‍යාපාරයක් මහනුවර ක්‍රියාත්මක වෙනවා. එම ව්‍යාපාරය දියුණුවට පත්වූයේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය ජාලා සහ සන්නිවේදන ක්‍රම නිසයි.“ යැයි ද අගමැතිවරයා පැවසී ය.

ෆේස්බුක් තහනමෙන් ආදායම හොඳයි

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර ඊයේ (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවති හමුවකදී ජනාධිපතිවරයා ෆේස්බුක් තහනම ගැන අදහස් දක්වමින් පැවසූවේ ෆේස්බුක් තහනම නිසා තිබුණට වඩා දවසේ ආදායම මිලියන 200ට වඩා වැඩි වී ඇති බවයි.

දැන් තාවකාලික ෆේස්බුක් නවත්තපු නිසා ඒකෙන් හොඳ ප්‍රතිපලයක් ඇති වුණා වගේම එකෙන් වෙච්ච පාඩු අලාභත් අපි දන්නවා. මේකට කිසි සේත්ම අත තියන්න බැහැ, මේකට මුකුත් කරන්න බැහැ කියලා කලින් කතා කළාට අපි සතියක් මේක වහලා දාපුවාම ලෝකේ හැම තැනම ඉන්න ලොකු සමාගම් වල ලොකු මහත්තුරු දැන් පහුගිය සතියේ ඉඳලා ලංකාවට එනවා. අපේ කොම්පැනි වලට ලොකු පාඩුවක් කියලා. අදායම් බැහැලා කියලා ඒගොල්ලන්ගේ. රජයේ ආයතන වල ආදායම හොඳට ඉහළ ගිහින් තියෙනවා ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සේ.”

“ටෙලිකොම්, විදුළි සංදේශ නියාමන කොමිසම, TRC දවසකට තිබුණට වඩා දවසේ ආදායම මිලියන 200ට වඩා දවසේ ආදායම වැඩි වෙලා තියෙනවා. දවසේ එන ගාන. අපි බැනුම් අහනවා, රට විනාශ වෙනවා, බරපතල සිද්ධීන් ඇති වෙනවා ඒ අතර අපේ ආණ්ඩුවේ ආදායමේ කෑල්ලක් ගලවා ගන්නවා. මේ වෙන සිද්ධීන් පාලනය කිරීම පිළිබඳව අයහපත් දේවල්, ජාතික සමඟිය නැති කරන දේවල්, ජාතික ආරක්ෂාව, පුද්ගලයින්ට කරන නින්දා අපහාස, මේවාට මම කිව්වා අපි ඒ සමාගම් එක්ක එකඟතාවයක් ඇති කර ගමු, ඒවා ඇති නොවන්න ඉවත් කර ගන්න වැඩපිළිවෙලක්. නමුත් සමාජය විනාශ කරනවා නම් යම්කිසි පැත්තකින් ඒක යම්කිසි පාලනයක් තියෙන්න ඕනේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති - අගමැති එක මතයක: ෆේස්බුක් තහනම ඉවත් කිරීමට FB නිලධාරීන් හෙට ජනපති කාර්යාලයට
ජනපති - අගමැති එක මතයක: ෆේස්බුක් තහනම ඉවත් කිරීමට FB නිලධාරීන් හෙට ජනපති කාර්යාලයට
http://am.lk/media/k2/items/cache/4d92699bacaf54ef66a2f59abc110634_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/fb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/fb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy