මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන් බහුතරයක් පුද්ගලික අංශයේ ඇති තරඟකාරීත්වයට සහ අවදානමට මුහුණදීමට අවශ්‍ය හැකියාව ලබා නොමැති...
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන් බහුතරයක් පුද්ගලික අංශයේ ඇති තරඟකාරීත්වයට සහ අවදානමට මුහුණදීමට අවශ්‍ය හැකියාව ලබා නොමැති පිරිසක් බවට පුද්ගලික අංශයේ ව්‍යවවසායකයින්ගෙන් චෝදනා එල්ලවන වන නිසා පුද්ගලික අංශයේ තරඟකාරීත්වයට හා අවදානමට මුහුණ දියහැකි තරුණ පිරිසක් ගොඩනැඟීමට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුව ඇති බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා ඒසේ ප්‍රකාශ කළේ අයිසැක් සංවිධානයේ ආසියා ශාන්තිකර සමුළුව අමතමනි. මෙම සමුළුව ඊයේ ( 20) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
එම අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙසේ ද කීය.
"නිතරම පුද්ගලික අංශයෙන් නැගෙන චෝදනාවක් තිබෙනවා. ඒ තමයි ලංකාවේ රජය විශ්ව විද්‍යාල වලින් බිහිවන තරුණ පිරිස පුද්ගලික අංශයේ තරඟකාරිත්වයට හා අවදානමට මුහුණ දෙන්නට අවශ්‍ය හැකියාව ලබාගෙන නැති බව. මේ තත්ත්වය වෙනස් වුණොත් තමයි අපේ රට උපාධිධාරීන්ට බාධාවකින් තොරව පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේ අවකාශ විවර වෙන්නේ. මේ සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතුයි. ඒ වගේම පුද්ගලික අංශයත් මේකට සම්බන්ධවී කටයුතු කළ යුතුයි.
නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ ලබා ගන්න අධ්‍යාපනය විතරක් නොවෙයි. හැමෝටම බාධාවකින්, සීමා කිරිම් තුළින් තොරව තමාට කැමති ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන්නට ඇති හැකියාවත් නිදහස් අධ්‍යාපනයේම කොටසක් බවත් අපි සිහිතබා ගත යුතුයි.
ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකය උනන්දු කරවන සහ කුසලතා පූර්ණ වෘත්තිය අධ්‍යාපනයට නිසි ගෞරවය දෙන උසස් අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට අවශ්‍යයි. ලංකාවේ දිගු කාලීන ආර්ථික සමෘද්ධිය රඳා පවතින්නේ තරුණ ව්‍යවසායකයන් සතුව බව වත්මන් රජය අවබෝධ කරගෙන තිබෙනවා. එම නිසා ඔවුන් දිරිගන්වන්න ගතහැකි උපරිම පියවර ගන්න රජය ක්‍රියා කරනවා.
මෙහි පළවෙනි කාරණය තමයි නව ව්‍යවසායකයන්ට ඔවුන්ගේ සමාජ හෝ ආර්ථික තත්ත්වය ගැන නොසිතා ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගන්න සමාන අවස්ථා සහිත ආර්ථික පසුබිමක් රටේ ගොඩනැගීම .එය රජයේ ප්‍රධාන අරමුණක් ලෙස අපි සලකනවා. විශේෂයෙන් ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා ගන්න ඇති ඉඩකඩ සම්පාදනය කිරීම වගේම ඔවුන්ට අවදානමක් ගැනීමට සිදුවුවහොත් ඒ අවධානම නොපැලිකිව ගැනීමට අවශ්‍යය ශක්තිය ලබා දෙන්නට රජය කටුයුතු කරනවා.
මේ යටතේ තමයි පසුගිය අයවැයෙන් යෝජනා කර ඇති පරිදි නව තරුණ ව්‍යවසායකයන් 150 කට අවශ්‍ය සහය ලබා දෙන වැඩපිළිවෙලක් ආරම්භ කළේ. මේ යටතේ අපහසුතාවකින් තොරව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම හා මගපෙන්වීම ලබා දෙනවා.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ලෝකයේ ඕනැම රටක සිටින දක්ෂයින් එක්ක තරඟ කළ හැකි පිරිසක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ යටිතල පහසුකම් සහ මගපෙන්විම්ය. ඒ ලබාදෙන්න රජය පියවර රාශියක් ගෙන තිබෙනවා. ඒ තුළින් අවශය පදනම හා ක්‍රමවේදය හදන්න රජය විශේෂ කටයුතු රැසක් ගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් සිංගප්පුරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරිම. මේ වගේ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කෙරුවේ අවුරුදු 10 කට පස්සේ." යැයි අමාත්‍යවරයා කීය.
COMMENTS