පුනරුත්තාපනය වී නැවත නිවාස වෙතට ගොස් ඇති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් යුදහමුදාවට සහය ලබාදීමට හැකි බවට යුදහමු...
පුනරුත්තාපනය වී නැවත නිවාස වෙතට ගොස් ඇති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් යුදහමුදාවට සහය ලබාදීමට හැකි බවට යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේස් සේනානායක මහතා උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පවසා සිටියේය.
යුදහමුදාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (29) දින යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වන අවස්ථාවේදී යාපනය නල්ලූර්හි පිහිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා හමු වූ අවස්ථාවේදීය.
එම හමුවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මෙසේ අදහස් දැක්විය.
“අද උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යතුමන් සමග යාපනයේ වගේම උතුරේ පවතින ආරක්ෂක තත්වය හා යුද හමුදාවගේ දායකත්වය ගැන සාකච්ඡා කලා. විශේෂයෙන්ම යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ගැනත් අපි සාකච්ඡා කළා. ඉදිරියේදී ඉතා ඉක්මනින් අපි සාමාන්‍ය වැසියන්ගේ පෞද්ගලික ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට පියවර අරන් තියනවා. ඊට අමතරව යුද්දෙන් පසුව යුද හමුදාව හමුවේ වසර කිහිපයක් පුනරුත්තාපනය වී නැවත නිවාස වෙතට ගොස් සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අනාගතය වෙනුවෙන් යුද හමුදාවේ මැදිහත් වීම හා ඔවුන්ට පිහිට වීම ගැන අපි සාකච්ඡා කළා. ඊට අමතරව උතුරේ ධීවරයින්ගේ ගැටලු ගැනත් එහිදී ඉන්දීය ධීවර බලපෑම ගැන සාකච්ඡා කලා. වාසනාවකට වගේ මේ වන විට උතුරේ ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව වගේම වෙරලාරක්ෂක බලෑනියක් සිටින නිසා ඉන්දීය ධීවරයින්ගේ පහරදීම් වැනි බාධා කිරීම් සැලකිය යුතු වශයෙන් අඩුවී තිබෙනවා. මේ නිසා ඉදිරියේදී එලඹෙන අවුරුදු සමය හේතුවෙන් උතුරේ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවගේ පැත්තෙන් ලැබිය යුතු දෑ කුමක්ද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කළා.”
අනතුරුව මාධ්‍යට සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ අදහස් දැක්විය.
“යුද හමුදාපති වරයා එම තනතුර දැරීමට පෙර යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් සේවය කලා. එනිසා එතුමන් මේ පලාත් ගැන හොඳින් දන්නවා. අද අපි විශේෂයෙන් සාකච්ඡා කලේ යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන්. එහිදී යුද හමුදාපතිතුමන් ඉතා ඉක්මින්නම ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරනවා කියල පොරොන්දු වුනා. ඒ ප්‍රමාණය කොච්චරක්ද කියලා හරියටම තීරණය කළේ නැහැ. නමුත් ඉඩම් නිදහස් කිරීම් සිදු වෙයි. ඒ වගේම ඉඩම් නිදහස් කිරීමේදී පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එතුමන්ව දැනුවත් කලා. ඒ සම්බන්ධයෙන්ද යුද හමුදාපති තුමන් සොයා බලන බවට පොරොන්දු වුනා.”
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS