ආණ්ඩුවේ සිට විපක්ෂයට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොමේ...
ආණ්ඩුවේ සිට විපක්ෂයට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා පවසයි.
පසුගිය මැතිවරණ සමයේ බැසිල් රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට එරෙහිව විවිධ ප්‍රචාරයන් ගෙන ගිය ඔවුන් පිළිබඳව සැකයෙන් බැලිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඔවුන් මේ වනවිට ඉදිරි ජනාධිපතිවරණයට දැමියයුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවත්, ඒ සඳහා මහින්ද පිලේ පුද්ගලයන් යෝජනා කිරීමට පවා පෙළඹී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට දැඩි සැකයක් පවතින බවත් ඔවුන්ගේ අරමුණ හඳුනා ගැනීමට අවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
ඕනෑම පුද්ගලයෙකු සමඟ ආණ්ඩුව පරාජය කිරීමේ පොදු ස්ථාවරයේ සෑම කෙනෙකුම සිටින බවද ඔහු කියා සිටියේය.
COMMENTS