යුරෝපා හා ඇමෙරිකානු බදු සහන නැවත වතාවක් අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් වෘත්තිය සමිති සඳහන් කරයි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කර්මාන...
යුරෝපා හා ඇමෙරිකානු බදු සහන නැවත වතාවක් අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් වෘත්තිය සමිති සඳහන් කරයි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කර්මාන්ත ශාලා හිමියන් කිහිපදෙනෙකු විසින් සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.
මේ නිසා අදාළ කර්මාන්ත ශාලා විසින් සිදුකරන ක්‍රියාව නවතා දමන ලෙසට වෘත්තිය සිමිති 27ක් එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදුන් බවද නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය පවසයි .
කම්කරු අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනා ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් මීට පෙර මෙම බදු සහනය අහිමි වූ බවත්, එය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑ බවත් එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් වැඩි දුරටත් පැවසිය.
ඔහු මේ බව පවසා සිටියේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසට කොළඹදී පැවැති විරෝධතා රැළියක් අමතමිනි.
COMMENTS