එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ඇති කඹය අලුත්වැඩියා කළ යුතු බව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. එම කඹය වෙන...
එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ඇති කඹය අලුත්වැඩියා කළ යුතු බව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
එම කඹය වෙනුවට වෙනත් කඹයයක් මිලදී ගන්නවාද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බවත් මේ වන විට ඇති කඹයේ ගුණාත්මක භාවය පරීක්ෂා කෙරෙන බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
එමෙන්ම මේ වන විට අලුගෝසු තනතුරට අයදුම් පත්‍ර කැඳවන බවත් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
අලුගෝසු තනතුර සඳහා අයඳුම්පත්‍ර යොමු කරන්නන් පෙබරවාරි 25 වැනිදාට පෙර අයදුම්පත්‍ර යොමු කළ යුතුය.
ඔවුන්ගේ සුදුසුකම් ලෙස මනා සිහිබුද්ධිය , මනා සෞඛ්‍යයෙන් යුතු වීම සහ වයස අවුරුදු 18 ත් 45 ත් අතර වීම සහ එමෙන්ම උස අඩි 6 සහ අගල් 2 විය යුතු බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS