පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ අලියා ලකුණ යටතේ තරඟ කල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හෙට (29) පස්වරු 4.00ට අරලියගහ මන්දිරට ක...
පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ අලියා ලකුණ යටතේ තරඟ කල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හෙට (29) පස්වරු 4.00ට අරලියගහ මන්දිරට කැඳවා ඇත.
අගමැතිවරයා විසින් එම රැස්වීම කැඳවා ඇත්තේ, විශ්වාස භංගය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහාය.
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිත මැති ඇමතිවරුන් ඊයේ (27) පස්වරුවේ සෞඛ්‍ය අමත්‍යංශයේදී රැස්වී ගනු ලැබූ තීන්දුවක් මත ඔවුන් හෙට අගමැතිවරයා හමුවීමට නියමිතය.
ඒකාබද්ධය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් ගතයුතු තීන්දු තීරණ ගැන සාකච්ජා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ කැඳවා තිබු එම රැස්වීමට රවුෆ් හකීම්, චම්පික රණවක, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන්, පලනි තිගාම්බරන්, කරුණාරත්න පරණවිතාන යන එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහභාගී වී ඇත.
විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට පෙර ප්‍රශ්නය විසඳා ගත යුතු බවට අමාත්‍ය චම්පික රණවක මහතා ඉදිරිපත් කල යෝජනාව සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ජා කර ඇතත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.
එහෙයින් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග වැඩිදුරටත් සාකච්ජා කිරීමට මෙහිදී එකඟත්වයට පත්ව තිබේ.
COMMENTS