දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණය අහෝසි කිරීමේ සුදානමක්.
Homeගොසිප්

ජනාධිපතිවරණය අහෝසි කිරීමේ සුදානමක්.

PropellerAds

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් 2019 ජනාධිපතිවරණය අහෝසි කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ...

අනුලා විදුහලේ වසා දමා තිබුණු දහම් පාසල අසාද් සාලි ඇවිත් බලෙන් විවෘත කරලා
මේ බස් එක කරන්නේ මිනීමැරීමට තැත් කීරීමක්ද?
අධික හිම පතනය නිසා යුරෝපයේම වැඩ අවුල් (ඡායාරූප)


යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් 2019 ජනාධිපතිවරණය අහෝසි කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය.

එසේම රජය ගෙන ඒමට සැරසෙන නව ව්‍යවස්‌ථාව මගින් මෙරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 55 දෙනකුගෙන් සමන්විත සෙනෙට්‌ සභාවක්‌ පත් කිරීමට යෝජනා වී ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ අන්දමට සෙනෙට්‌ සභාවක්‌ හෙවත් මෙවැනි මන්ත්‍රී මණ්‌ඩලයක්‌ පත් කිරීමට යෝජනා වුවද ඔවුන්ගේ කාර්යභාරය හා බලතල මොනවාද යන්න එහි සඳහන් නොවීම විශේෂත්වයක්‌ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 55 දෙනා අතරින් 45 දෙනකුම තෝරා පත්කරනුයේ පළාත් සභා මගින් බවද පීරිස්‌ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව තුළ තමන්ට අවශ්‍ය අන්දමට කටයුතු නොකරන්නේ නම් එසේ පත්කරන සෙනෙට්‌ මන්ත්‍රීවරු 45 දෙනා අතරින් ඕනෑම අයකු වහාම ඉවත් කිරීමට පළාත් සභාවලට බලතල ලැබී ඇතැයි ද හෙතෙම පැවසීය.

 පාලන ව්‍යුහය මුළුමනින්ම කනපිට හැරවීමට :

 මේ දක්‌වා රහසිගතව තිබෙන රජයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතේ පිටපතක්‌ ද රැගෙන ඊයේ කොළඹ නෙළුම් මාවතේ පැවැති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා එම කරුණු අනාවරණය කළේය.

නව ව්‍යවස්‌ථාව මගින් ජනතාව පුල පුලා බලා සිටින 2019 ජනාධිපතිවරණය අහෝසි කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා පළාත් සභා වෙත සෘජුවම ඕනෑම පනතක්‌ සම්මත කර ගැනීමට බලතල ලබාදෙමින් රටේ පාලන ව්‍යුහය මුළුමනින්ම කනපිට හැරවීමට සැරසෙන බවද අවධාරණය කළේය.

එසේම පළාත් සභා සම්බන්ධයෙන් මෙතෙක්‌ ජනාධිපතිවරයාට හා ආණ්‌ඩුකාරවරුන්ට තිබූ සියලුම බලතල අහෝසි කරමින් එක පෑන් පහරකින් සියල්ල උඩු යටිකුරු කිරීමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හරහා යෝජනා වී තිබෙන බවද ජී. එල්. පීරිස්‌ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණය අහෝසි කිරීමේ සුදානමක්.
ජනාධිපතිවරණය අහෝසි කිරීමේ සුදානමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAFlWAKkejtVXjNhHPCkuy9kJRjkYHSk-2liblAhKcSpu6iXMBtct24bwFmnM-sSwmojpta3L0qEWylnUkXVLx-GdLyGHR-E0hef-8YiNHvg2mDzUIoOEq9mlPfuP-Y9sHdvNb8VKrFNW5/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAFlWAKkejtVXjNhHPCkuy9kJRjkYHSk-2liblAhKcSpu6iXMBtct24bwFmnM-sSwmojpta3L0qEWylnUkXVLx-GdLyGHR-E0hef-8YiNHvg2mDzUIoOEq9mlPfuP-Y9sHdvNb8VKrFNW5/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_511.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_511.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy