දේශපාලන වශයෙන් පළිගැනීමට නොහැකි නිසා විශේෂ අධිකරණ පද්ධති ගෙන ඒම මඟින් එය සිදු කිරීමට මේ රජය කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙර...
දේශපාලන වශයෙන් පළිගැනීමට නොහැකි නිසා විශේෂ අධිකරණ පද්ධති ගෙන ඒම මඟින් එය සිදු කිරීමට මේ රජය කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද(20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
අධිකරණ සංවිධාන සංශෝධන පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඔහුගේ පවුලේ පිරිස්වල ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සැලසුම් ක්‍රියාත්මක බවද ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම විශේෂ අධිකරණ පද්ධතියක අවශ්‍යතාවය නීතිපති විසින් අගවිනිසුරුවරයාට පැවසිය යුත්තක් බවත්, නමුත් මෙම අධිකරණ සංවිධාන සංශෝධන පනත මඟින් සිදු වී ඇත්තේ අගවිනිසුරුවරයාගේ බලය විධායක නිලධාරීන්ට පැවරීමක් බවද ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම අද වන විට අල්ලස් කොමිසමද දේශපාලන යාන්ත්‍රණයක් බවට පත් වී ඇති බවද පෙන්වා දෙන ඒ මහතා එමෙන්ම එය පක්ෂග්‍රාහී ආයතනයක් බවට පත් වී ඇති බවද වැඩිදුරටත් පැවසී ය.
COMMENTS