එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම දේශපාලන ඥාතීත්වයක් ඇති පුද්ගලයා විසින් ලිට්රෝ ගෑස් සමාගමේ ටෙන්ඩර් ගනුදෙනුවල දී නියමිත ප්...
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම දේශපාලන ඥාතීත්වයක් ඇති පුද්ගලයා විසින් ලිට්රෝ ගෑස් සමාගමේ ටෙන්ඩර් ගනුදෙනුවල දී නියමිත ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ටෙන්ඩර් මණ්ඩලවලට ඉඩ ලබා දී නොමැති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට සහ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට විශේෂ සටහන් යොදන්නට සිදුවන තරම් එම කටයුතු දුරදිග ගොස් ඇති බවය. එසේම අදාළ බලපෑම් හේතුවෙන් මේ වන විට ආයතනයේ පරිපාලන කටයුතු පවා අර්බුදයට යන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වෙයි.
දේශපාලන බල අධිකාරියේ ඥාතීත්වය යොදාගෙන ලිට්රෝ ගෑස් සමාගමේ කටයුතුවලට එල්ල කරන බලපෑම හේතුවෙන් ලිට්රෝ ගෑස් සමාගමට oman trading international ltd නම් ́මාන් රාජ්‍ය සමාගම සමඟ ගෑස් ආනයනය සම්බන්ධ ඉතා වාසිසහගත ගිවිසුමකට යාමට තිබූ අවස්ථාව පවා අහිමි වී ඇති බව ද වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට oman trading international සමාගම විසින් 2017 මාර්තු 21 වන දා ලිට්රෝ ගෑස් සමාග මට ගෑස් සැපයීම සම්බන්ධව දීර්ඝකාලීන ගෑස් ගිවිසුමක් වෙනුවෙන් ලිපියක් මඟින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ආමන්ත්‍රණය කර ඇත.
එහි දී ණයට පවා ගෑස් සැපයීමට එම සමාග මේ ඇති සූදානම පවා ඔවුන් සඳහන් කර ඇත. එහෙත් ඊට අමාත්‍යාංශයෙන් පිළිතුරු යවා ඇත්තේ අදාළ සමාගම ගෑස් ආනයනය කරනු ලබන්නේ ටෙන්ඩර් කැඳවීම හරහා වන බවත් එහෙයින් ඕමාන් සමාගම ද ටෙන්ඩරය වෙත ඉදිරිපත් වී එම අවස්ථාව ලබාගත යුතු බවත් පවසමින්ය. එම ලිපිය ඕමාන් සමාගම වෙත යවා ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. මේ අතරතුර ගෑස් ආනයනය වෙනුවෙන් ලිට්රෝ සමාගම ටෙන්ඩර් කැඳවීමක් සිදුකර ඇති අතර ඒ සඳහා ෂෙල් සමාගම : (Shell international eastern trading), ඕමාන් සමාගම (Oman trading international) ඇතුළු තවත් සමාගම් 13 ක් ලංසු තබා ඇත.
එයින් ගෑස් මෙට්‍ර්ක් ටොන් 1ක් වෙනුවෙන් ඕමාන් සාමාගම ඩොලර් 48ක් සහ ෂෙල් සමාගම ඩොලර් 49ක් ලෙස ලංසු තබා ඇත. එහි දී ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු සහ දේශපාලන ඥාතීත්වයක් ඇති පුද්ගලයා මැදිහත්වීම හරහා ඕමාන් සමාගමේ ලංසුව ප්‍රතික්ෂේප කර ඇත. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මීට පෙර ගෑස් ආනයනය සඳහා ලබා දුන් අවස්ථාවේ සැපයුම් ප්‍රමාදයක් සිදුවූ බවය. ඒ බව සඳහන් කර අදාළ පාර්ශ්ව උත්සාහ කර ඇත්තේ ෂෙල් සමාගමට මෙම ටෙන්ඩරය ලබා දීමටය.
ප්‍රශ්නකාරී වූ මෙම ටෙන්ඩරය එසේ පවතින විට ජූලි සහ අගෝස්තු මාසවල ඇති විය හැකි ගෑස් හිඟය සඳහා හදිසි ගෑස් ආනයනයක් සිදු කිරීමට තීන්දුවක් ගෙන ඇති අතර එම අවස්ථාව ලබා දී ඇත්තේ ෂෙල් සමාගමටය. එහි දී ගෑස් මෙටි්‍රක් ටොන් 50000 ක් වෙනුවෙන් ෂෙල් සමාගම ගෑස් මෙටි්‍රක් ටොන් එකක් සඳහා ඩොලර් 57ක මිලක් නියම කර ඇත. ඒ අනුව ඉහත ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ මිලට වඩා ඩොලර් 9ක් වැඩිපුර මේ සඳහා ගෙවන්නට ලිට්රෝ සමාගමට සිදුව ඇත. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඉතා පැහැදිලිව අඩු මිල ඉදිරිපත් කළ සමාගමක් තිබිය දී ටෙන්ඩර් කොන්දේසි අතර නොතිබූ අඩුලුහුඩුකම් පෙන්වා අදාළ ටෙන්ඩරය අර්බුදයට යැවීමට කටයුතු කර ඇති බවය.
එසේම ඒ බව ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ප්‍රශ්න කර අති බවත් දැනගන්නට ඇත. මේ අනුව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ටෙන්ඩරය කල්යාමට ඉඩ දී වැඩි මිලක් යටතේ සිදු කළ හදිසි ගෑස් ආනයනය තුළ කිසියම් මූල්‍ය වංචාවක් ද සිදුව තිබෙන බවට සැක සංකා ඇති බවය. ඊට සාක්ෂි ලෙස එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ හදිසි මිලදී ගැනීමේ අවස්ථාවේ ඉහළ මිලක් සඳහන් කළ ෂෙල් සමාගම ගෑස් ආනයනය වෙනුවෙන් වන නියමිත ටෙන්ඩරය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වන කැබිනට් පත්‍රිකාවට ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 47ක මිලක් ඉදිරිපත් කර අවස්ථාව ලබා ගැනීමය.
ඒ අනුව අදාළ පාර්ශ්ව ටෙන්ඩර් මගඩිය හරහා කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවන්නට කටයුතු කර ඇති බවරජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ වුවත් මේ ආකාරයෙන් රාජ්‍ය සමාගමක් සමඟ ඉතා වාසිදායක ලෙස ඇතිකර ගැනීමට තිබූ ආනයනික ගෑස් සඳහා වූ ගිවිසුම අහිමිකර ගැනීම හේතුවෙන් ඉදිරියේ දී ලෝක වෙළෙඳපොළ මිලට සමගාමීව ගෑස් මිලේ ඉහළ යාමක් සිදුවිය හැකි බවත්, ඕමාන් සමාගම ගෑස් නිෂ්පාදනය කරන සමාගමක් බැවින් වැඩි වන ගෑස් මිලට එකතු වන අතරමැදි ගාස්තු නොමැතිව කිසියම් පාලනයක් යටතේ ගෑස් තොග ආනයනය කිරීමේ අවස්ථාව ද මෙයින් අහිමිව ඇති බව ද වාර්තා වෙයි.
එසේම දේශපාලන බලාධිකාරියේ බලපෑම යටතේ සිදු වන ඇතැම් ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පවා ලබාගෙන නොමැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
වාර්ෂිකව මෙරට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණ ආනයනය කරන බවත් විදුලි බලයේ ඩීසල් මාෆියාවට සමානව යමින් ටෙන්ඩර් පටිපාටි විකෘති කරමින් ගෑස් ආනයනය කිරීම තුළ ද සැකසහිත ගනුදෙනු රාශියක් සිදුවන බව ද දැනගන්නට ඇත.මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඉදිරි කලාපයකින් බලාපොරොත්තු වන්න.
කාශ්‍යප කොතලාවල
COMMENTS