දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update
Homeප්‍රවෘත්ති

"තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update

PropellerAds

  අදාල අපරාධ කල්ලිය විසින් තායිවාන බැංකුවේ පරිඝනක පද්ධතිය හැක් කර වෙනත් රට වලට මුදල් යවා ඇති බවට නිවේදනය ලැබීමෙන් අනතුරුව ක්ෂණිකව ම පියව...

රැට්ටා අත්අඩංගුවට ගැනීමෙන් අරගලකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනා - අරගලකරුවන්ගෙන් නිවේදනයක්!
සජබෙ අයිතිය ගැන කියූ හරීන්ට ඩයනාගෙන් ප්‍රහාරයක්!
ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් හදන තෙක් මෙතනින් එහාට කිසිම ආධාරයක් ලංකාවට ලැබෙන්නෙ නෑ....ඉදිරි දින 90 අතිභයානකයි! ආණ්ඩුව හංගන ඇත්ත හර්ෂ රටට කියයි!

 

අදාල අපරාධ කල්ලිය විසින් තායිවාන බැංකුවේ පරිඝනක පද්ධතිය හැක් කර වෙනත් රට වලට මුදල් යවා ඇති බවට නිවේදනය ලැබීමෙන් අනතුරුව ක්ෂණිකව ම පියවර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ඒ අනුව මේ වන එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ද ශ්‍රී ලංකා පොලිසිය සමත් වී තිබේ. 

වංචා කර ඇති මුළු මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 600ක් තරම් වෙද්දී ඉන් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ රුපියල් මිලියන 200ක මුදලකි. තොරතුරු ලද සැණින් එම බැංකු ගිණුම් අත් හිටුවා, මුදල් ලබා ගැනීමට පුද්ගලයින් පැමිණෙන තෙක් සෝදිසියෙන් සිට ඇති අතර එහිදී එක් තරුණයකු රුපියල් මිලියන 40ක මුදලක් සමඟ අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. මෙම තරුණයා විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල්වරයකුගේ පුතෙකු බව ද සඳහන් ය. 

මෙවන් විශාල මුදලක් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය වීමේදී එය අධීක්ෂණය කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහබැංකුව විසිනි. එහෙත් මෙහිදී මහබැංකුව විසින් එම ක්‍රියා පටිපාටිය මගහැර ඇති බව පෙනේ. මෙය පැහැදිලිව ම ශ්‍රී ලංකා මහබැංකුවේ සිටිනා දූෂිතයින් පිරිසක් විසින් බැංකු මංකොල්ලකරුවන්ට සහය දැක්වීමක් බව පැවසිය හැකිය. 

පිටරටකින් විශාල මුදලක් ලංකාවට පැමිණෙන විට ගනුදෙනු කරුවා හඳුනාගැනීම සහ මුදල් මූලාශ්‍රය හඳුනාගැනීම යන පියවර දෙකම ශ්‍රී ලංකා මහබැංකුව විසින් අනුගමනය කළ යුතුය. එහෙත් මෙහිදී ඒ කිසිවක් පිළිබඳව විමර්ශනය නොකර අදාල මුදල් අදාල ගිණුම් වලට යවා තිබේ. මෙය මහබැංකුවේ සිටින අපරාධ සහායකයින්ගේ වැඩකි. 

මහබැංකුවේ පිරිස් මෙවැනි අපරාධකරුවන්ට සහාය දැක්වීම් කළේ අද ඊයේ පටන් නොවේ. මීට පෙර මුදල් තැන්පත් ලබාගෙන ගනුදෙනුකරුවන්ට වංචා කළ CIFL ආයතනය පිළිබඳ මහජන පැමිණිලි ලැබෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශන කිරීමට මහබැංකුවෙන් නියෝගයක් ඉල්ලා තිබිණි. එහෙත් මහබැංකුව එම නියෝගය ලබා දුන්නේ මාස තුනකට පසුය. ඒ වන විට CIFL හිමිකරු වන දීප්ති පෙරේරා රටින් පළාගොස් තිබිණි. අද වන විට එකී දීප්ති පෙරේරා සිටින්නේ බන්ධනාගාරය ඇතුළේය. එහෙත් එදා දීප්ති පෙරේරාට උපකාර නිලධාරීන් අදටත් සිටින්නේ මහබැංකුව ඇතුළේය. 

එහෙයින් මෙම ජාත්‍යන්තර මූල්‍ය අපරාධයට සහාය දැක්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් පිළිබඳව ද විමර්ශනයක් කර ඔවුන්ව අත් අඩංගුවට ගත යුතුය. මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ මේ මුදල් එවා ඇත්තේ ද සාමාන්‍ය පුද්ගලයින්ට නොව ඉහළම තරාතිරමේ පුද්ගලයින්ට වීමය.

සබැඳි පුවත් - 

තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update
"තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update
http://ift.tt/2xnk2xY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/update.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/update.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy