දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතුරුදන් කාර්යාලය රණවිරුවන් දඩයමට ද?
Homeගොසිප්

අතුරුදන් කාර්යාලය රණවිරුවන් දඩයමට ද?

PropellerAds

අතුරුදහන්වූවන්ගේ කටයුතු සොයාබැලීමේ කාර්යාලය රණවිරුවන් දඩයම් කර ඔවුනට නීතිය මඟින් කටයුතු කිරීමේ අරමුනින් පිහිටුවා ඇතැයි මිථ්‍යා මතයක් ඇතික...

ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා පරිවාස භාරයට
මහජනයා බද්දට සමතලා කරපු රවි ගල් රෝලෙන් තාර දාලා (සිකුරාදා කාටූන්)

අතුරුදහන්වූවන්ගේ කටයුතු සොයාබැලීමේ කාර්යාලය රණවිරුවන් දඩයම් කර ඔවුනට නීතිය මඟින් කටයුතු කිරීමේ අරමුනින් පිහිටුවා ඇතැයි මිථ්‍යා මතයක් ඇතිකර ඇතැයිද එය සම්පූර්ණයෙන් අසත්‍ය කාරණයක් යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

ප්‍රචණ්ඩත්වය ඇතිකළ වරදකරුවන්ට එරෙහි අධිචෝදනා ගොනුකිරීමට අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට හැකියාවක් නැති බවත් සාමය හා සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති අවංක හා සාධාරණ ක්‍රියාමාර්ග නැවැත්වීමට කටකතා පතුරුවන ලද්දේ යම් යම් දේශපාලන මෙහෙයවීම් මත බවත් ඇමැතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඇමැති මංගල සමරවීර මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන මෙම රජය මෙරට ජනතාවට දුන් වැදගත් පොරොන්දුවකට ප්‍රාණය දුන් මේ මොහොත දැකබලා ගැනීමට අපි වාසනාවන්ත වෙමු. අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාල පනත වසර 2016 අගෝස්තු මාසයේ දී සම්මත වූ අතර එහි රාජකාරී කටයුතු කරගෙන යාමට හා පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 27 වැනි දින සත් පුද්ගල කොමිෂන් සභාවක් ප්‍රකාශයට පත්කරන ලදී. අතුරුදන්වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීමට අද දවසේ සැබවින්ම අවශ්‍යතාවක් ඇති කළේ වසර 30කට ආසන්න ඉතිහාසයක් ඇති ප්‍රචණ්ඩත්වය යි. එය පෙරටත් වඩා දැඩි ලෙස දැන් අවශ්‍ය වී ඇත. පශ්චාත් යුද ප්‍රචණ්ඩත්වයට වසර කීපයකට පෙර 70 සහ 80 දශකවල කැරලි සමයේ සිට අපි බොහෝ ගැටුම්වලින් පීඩා විඳ ඇත්තෙමු.

මෙකී පීඩාකාරී කාල වකවානුවල දී අතුරුදන්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබූ අවධියක මෙම ගමන සම්පූර්ණයෙන් නිමා කිරීමට කිහිප දෙනෙක් අප සමඟ එකට එක මඟ ගමන් කළහ. මෙම සාහසික අපරාධවලට එරෙහිව දුක්ඛ ප්‍රාප්තියෙන් කතා කළ හඬවල් හදිසියේම ඔවුන්ගේ එකී හ‍ඬේ ස්වරය වෙනස් කිරීමට පටන් ගත්හ. එලෙස හඬ නැගූ පුද්ගලයන්ට බලාපොරොත්තු රහිත ලෙස තම කඳවුරු වෙනස් කරමින් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ප්‍රහාර එල්ල කළ අතර ඒවා මෙහෙයවනු ලැබුවේ රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසිනි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය එක් ප්‍රජාවකට පමණක් ප්‍රතිලාභ ගෙනදී තවත් ප්‍රජාවකට තර්ජන කිරීමට අරමුණු කර නොමැත.

එය හුදෙක් සත්‍ය සෙවීමේ ක්‍රියාදාමය කි. එහි අරමුණ අතුරුදන්වූ ලෙස හඳුනාගත් පිරිස් හෝ ගැටුම් පැවැති කාලය තුළ අතුරුදන්වූ පිරිස් පිළිබඳ පරීක්ෂණ කර සත්‍ය කුමක්දැයි සෙවීම යි.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන ආකාරයට සිවිල් යුද්ධය පැවැති කාලසීමාව තුළ පුද්ගලයින් 16,000 පමණ අතුරුදන්වී තිබේ. ඉන් 5100 පමණ හමුදා අංශවලට අයත් සෙබළු වෙති. මෙසේ අතුරුදන් වී ඇත්තේ එල්ටීටීඊය විසින් නිර්මාණය කරන ලද ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ හමුදා සෙබළුම ය.

මෙසේ අතුරුදන්වූවන් කොහේ සිටින්නේදැයි යන සත්‍ය සොයා ඔවුන්ගේ පවුල් සාමාජිකයින් හා අනෙකුත් ආදරණීයයන්ගේ සන්තාපයන් නිමා කිරීමට කටයුතු කිරීම ජාතියක් ලෙස අපට වගකීම් තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතුරුදන් කාර්යාලය රණවිරුවන් දඩයමට ද?
අතුරුදන් කාර්යාලය රණවිරුවන් දඩයමට ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT6i-4LlsoF34yg1BnGyABSHELrU617zevzZqvA5mrAa9bv8cl1YsiSRxCM2M3TkIidllUFlu62yIE06gWZD24hW2frZ_UfiGAzejPy18xN7szlvcDKCFRuzh5neSscmP0ioWzMmdhVfA/s1600/OMP+image.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT6i-4LlsoF34yg1BnGyABSHELrU617zevzZqvA5mrAa9bv8cl1YsiSRxCM2M3TkIidllUFlu62yIE06gWZD24hW2frZ_UfiGAzejPy18xN7szlvcDKCFRuzh5neSscmP0ioWzMmdhVfA/s72-c/OMP+image.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy