දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
Homeගොසිප්

ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි

PropellerAds

මෙලනියා සහ බෑනා එක්ක ට්‍රම්ප් ඔබාමා හමුවෙයි මිනිත්තු 10 කට ගිහින් පැය එකහමාරක් කතා කරලා මෙලනියාට මිචෙල් සෙල්ලම් කරන තැන් පෙන්නලා නොවැ...

2017 වර්ෂයේ දී වාර්තාගත විදේශ ආයෝජනයක්.
කටාරයෙන් ලංකාවට නගරයක්.
ඡන්දය කල් නොයයි : ශ්‍රීලනිපය හා ඒකාබද්ධය සන්ධානයක් ගහලා?

මෙලනියා සහ බෑනා එක්ක ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
මිනිත්තු 10 කට ගිහින් පැය එකහමාරක් කතා කරලා
මෙලනියාට මිචෙල් සෙල්ලම් කරන තැන් පෙන්නලා


නොවැම්බර් 08 වනදා පැවති ඇමරිකානු ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු සම්ප්‍රදාය අනුව ජනවාරි මස තෙවැනි සතියේදී නව ජනපති ලෙස දිවුරුම් දෙන්නට නියමිතය.
ඒ දක්වා මාස දෙකක පමණ කාලයේ තවදුරටත් ඇමරිකානු ජනපති පදවිය දරන්නේ ඔබාමාය. මෙවර ඩිමොක්‍රටික්  පක්ෂයෙන් රිපබ්ලිකන් පක්ෂයට බල හුවමාරුවක් සිදුවන අතර මේ නිසා රටේ වගකිව යුතු තනතුරු සම්බන්ධයෙන් හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්
පැරණි හා නව ජනපතිවරුන්ට කතාබස් කිරීමට දේවල් තිබේ.ඊයේ ධවල මන්දිරයට ගිය අනාගත ජනපති ට්‍රම්ප් ඔබාමා හමුවී මේ දේවල් කතා කළේ ඔබාමාගේ ආරාධනය අනුවයි.
ඇමරිකානු වේලාවෙන් උදේ 10.30 පමණ සිදු කළ හමුවීමට අධීආරක්ෂක කලාප මාර්ගයකින් ට්‍රම්ප් බිරිය හා ට්‍රම්ප්ගේ බෑනා රැගත් මෝටර් රථ ධවල මන්දිරය කරා පැමිණි අවස්ථාවේ සාම්ප්‍රදායික පිළිගැනීම් එම කාර්ය මන්ඩල සිදු කළ නමුත් එම අවස්ථා ඡායාරූප ගැනීම මාධ්‍යෙව්දීන්ට තහනම් කර තිබුණි.



අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී දෙදෙනා අතර සූදානම් කළ මිනිත්තු 10 රැස්වීමට ට්‍රම්ප්ව කැ‍ඳවා යන ලද අතර මෙලනියා යොමු කළේ මිචෙල් ඔබාමා සිටි සෝපාව වෙතයි.
මැතිවරණ සමයේ හිලරිගේ පක්ෂය වෙනුවෙන් ඔබාමා ට්‍රම්ප්ට එරෙහිව කතා පැවැත්වූ අතර දැඩි විවේචනයන්ද සිදු කර තිබුණි. එසේ සිදු කර අවසානයේ කියා සිටියේ තමා වසර 8 ක් තිස්සේ ඇමරිකානේ ගොඩනැගූ සියලු දේවල් ට්‍රම්ප් ආවොත් විනාශ වන බවකි. මේ ආකාර දරුණු ප්‍රකාශයන් සිදු කළත් අවසානයේ ඔබාමාට ජනතා කැමැත්තට හිස නමා ට්‍රම්ප් වෙත බල හුවමාරුව සිදු කරන්නට සිදුවිය.

ඊයේ ඔබාමා ට්‍රම්ප් හමුවේදී පරණ දේවල් අමතක කර එකිනෙකාට අත දෙමින් ඔවුන් සුබපතා ගත්තා. මිනිත්තු 10 කට සැලසුම් කළත් ඔවුන් අතර හමුව මිනිත්තු 90 ක් දක්වා දීර්ඝ වූ බවත් පැවසුණා. එය මාධ්‍ය වෙත නිරාවරණය නොවූ පුද්ගලික හමුවක් විය.හමුවෙන් පසු එළියට යද්දී ට්‍රම්ප් මාධය වෙත ප්‍රකාශ ලබාදෙමින් කියා සිටියේ ඔබාමා ඉතා හො‍ඳින් කතා කළ බව හා වැදගත් අදහස් හුවමාරු කරගත් බවයි.


කෙසේ වෙතත් ඇතැම් ඇමරිකානු වෙබ් අඩවි එම හමුවේදී ට්‍රම්ප් පෙනී සිටි ආකාරය ගැන විවේචන ඉදිරිපත් කළා.  ට්‍රම්ප් අත් තබාගෙන සිටින ආකාරය විනයානුකූල නැති බවත් අනාගත ජනපති ලෙස හැසිරෙන හැටි යම් අමුත්තක් ඇති බවත් වාර්තා කර තිබේ.

මේ අතර මෙලනි හා මිචෙල් හමුවද ඉතා උණුසුම් ලෙස පැවති බව කියැවුණා. ඇය ධවල මන්දිරයේ වෙනස්කම් කළ තැන් පෙන්වමින් ඇය හා පිළිසඳරේ යෙදී තිබේ. ධවල මන්දිරයේ පිහිටීම හා දරුවන්ට සෙල්ලම් ආදී ක්‍රියාකාරකම් සිදුකරන්නට ලබාදෙන තැන් ගැන විස්තර කිරීම මිචෙල්ගේ අරමුණ වූ බවද පැවසුණා.

මෙම ගමනට ට්‍රම්ප් හා බිරිය සමග ගිය තුන්වැන්නා වූයේ ට්‍රම්ප්ගේ බෑනා හෙවත් පළමු විවාහයේ දියණියක වූ ඉවන්කාගේ සැමියා වන ජාරෙඩ් කෘෂ්නර්ය. ඔහු මෙම හමුව අතරවාරයේ ධවල මන්දිරය පුරා සැරිසරමින් එහි එක් එක් කාර්යාල වල ප්‍රධානීන් හා සුහදව කතාබස්හි නිරතවී ඇත. ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉදිරියේදී ට්‍රම්ප් ජනපතිවූ පසුව ජාරෙඩ් ධවල මන්දිරයේ පරිපාලන නිලධාරීයා ලෙස පත්කරන්නට නියමිත බවකි.
සියලු හමුවීම් වලින් පසුව ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව යද්දී ට්විටර් පණිවිඩයකින්ද ඔබාමාට තුති පුදා තිබුණි.
ඔහු කියා තිබුනේ මෙසේය.
‘A fantastic day in D.C. Met with President Obama for first time. Really good meeting, great chemistry. Melania liked Mrs. O a lot!‘








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
http://ift.tt/2eIsl9t
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYgYUmtbh2fIFUdIIqHK2hXiAJb84Kz6CvH_13-zISPHcZi8cvA8tFjAjTmGBnPaU6r47QOBa_aEv0UNqqBOM90GWK_3cPwXb0P53OcEipxp_O8SCXbjtkowQzcB8ShTo4CaaRBmrlG5E/s72-c/3A3EBB7900000578-3925486-Thumbs_up_While_Melania_kept_an_incredibly_straight_face_through-a-1_1478827790546.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_571.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_571.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy