එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ සහායක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබ...
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ සහායක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු මින් ඉහත අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.
සුදත් චන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිටු 7කින් සමන්විත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔහු එම ලිපියෙන් දිර්ඝ පැහැදිලි කිරීමක් කර තිබෙන්නේ තමන්ට ඇති වු සිත් වේදනාවන් සහ කළකිරීම්වලට උදාහරණ සපයමිනි.
ඔහු තම ලිපියෙන් පෙන්වා දෙන්නේ රට සහ පක්ෂය ඛේදනීය ස්ථානයකට පැමිණ තිබීමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවය.
COMMENTS