අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නිමල්කා ප්‍රනාන්දු පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික...
අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නිමල්කා ප්‍රනාන්දු පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුගේ නිර්දේශ නොතකා හැර ඇති බව වාර්තා වී තිබේ.
ව්‍යවස්ථාදායක සභාව සදහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් පත්ව සිටින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ එම සභාවට පත්ව සිටින ජවිපේ පා.ම විජිත හේරත් යන මහත්වරුන් අතුරුදහන් වුවන් පිළිබඳ කොමිසමේ කොමසාරිස් තනතුරක් සදහා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පත්කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධත්වය පළ කර තිබේ.
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරී සාමාජිකයින් වන ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන මහත්ම මහත්මීන් විසින් මෙම කොමිසමට කොමසාරිස්වරුන් පත්කිරීමේ මූලික තොරාගැනීම් කටයුතු සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිමල්කා ප්‍රනාන්දු මහත්මියගේ පත්වීම ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන අයෙකු ජාතික වශයෙන් වැදගත් කරුණක තීරණාත්මක තනතුරක් සදහා පත්කිරීම සුදුසු නොවන බවය.
කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයේ තීන්දුව එහි අවසන් තීරණය වේ.
COMMENTS