දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහරගම “පොහොට්ටුවේ“ පත්වීම ගැන මැ.කොගෙන් සහතිකයක්.
Homeගොසිප්

මහරගම “පොහොට්ටුවේ“ පත්වීම ගැන මැ.කොගෙන් සහතිකයක්.

PropellerAds

මහරගම නගර සභාවට නවක මන්ත්‍රීවරියන් 6 දෙනෙකු පත්වීම නීත්‍යානූකූල අයුරින් සිදු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා...

පවුල් වාදයට තිත තියන්න ගිය දුමින්දට, ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ගේ අප්‍රසාදය.
ටෙලිකොම්, සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගන්න.
යහපාලනය වැඩ පෙන්නයි : මහබැංකු වාර්තාව නොකී කතාව.

මහරගම නගර සභාවට නවක මන්ත්‍රීවරියන් 6 දෙනෙකු පත්වීම නීත්‍යානූකූල අයුරින් සිදු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එහි කිසිදු ගැටළුවක් නොමැති බවද පෙන්වා දෙන මහින්ද දේශප්‍රිය මහතා 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධිත) පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ආඥා පනතට අනුව එම පත්කිරීම් සිදුකර තිබෙන බවද කියා සිටියේය.

හිටපු නගර සභාපතිනිය කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු 06 දෙනෙක්‌ මහරගම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්‌ටුව) මන්ත්‍රීවරියන් ලෙස ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්හ.

එලෙස පොහොට්ටුවේ නියෝජිතයින් මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමත් සමගම ඊයේ දවස පුරා මහරගම නගර සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇති වූ අතර මෙම තත්ත්වය හේතුවෙන් නගර සභාව තුළට පොලිසිය කැඳවා ආරක්‌ෂාව සැපයීමට සිදුවිය.

මෙම තත්ත්වය හේතුවෙන් නගර සභාවේ විපක්‌ෂය වන එක්‌සත් ජාතික පක්‌ෂ, ජනතා විමුක්‌ති පෙරමුණ, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යන පක්‌ෂවල නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සභාවෙන් නැඟිට යැමත් සමඟ සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට මන්ත්‍රීවරුන් බහුතරයක්‌ නොවීම හේතුවෙන් මහරගම නගරාධිපති ටිරාඡ් ලක්‌රුවන් පියරත්න මහතා (ස්‌වාධීන කණ්ඩායම 2) සභාව මෙම ජුනි මස 20 වැනිදා දක්‌වා කල් තැබීය.

සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරු අත්වල කළු පටි පැළඳ සිය විරෝධතාවයද දැක්‌වූහ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජය ගත් බයිසිකලය ලකුණ ඉදිරිපත් වූ ස්‌වාධීන කණ්‌ඩායම් දෙකෙහි මන්ත්‍රීවරුන් 06 දෙනකු මේ වනවිට ඉල්ලා අස්‌වී තිබේ.

මේ හේතුවෙන් හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙනෙක්‌ මන්ත්‍රීවරියන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (07) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

එහිදී කාන්ති කොඩිකාර මහත්මියට අමතරව චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි කෙහාරා ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර යන අය නව මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දී ඇති අතර ඔවුන්ගේ නම් ගැසට්‌ මගින්ද ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී බයිසිකලය ලකුණින් ඉදිරිපත් වූ ස්‌වාධීන කණ්‌ඩායම් අංක දෙක ජය ගත් අතර ඔවුන් හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 25 කි. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ටිරාඡ් ලක්‌රුවන් පියරත්න මහතාය.

මෙහිදී සභා රැස්‌වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වමින් හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසූවේ බයිසිකලය ලකුණින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට පළමු හේතුව වූයේ මහරගම ආසනය නියෝජනය කළ නියෝජිතයින් නොවීම බවයි.

ඊට අමතරව ඔවුන්ගේ වාචික එකඟතාව වන්නේ මහරගම ආසනය නියෝජනය කරන නියෝජිතයින් පත් කර ගැනීමට ඉඩ අවස්ථාව ලබා දීම බවද ඇය සඳහන් කළාය.

“අපි අද දවසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අපි ජනතාව වෙනුවෙන් සේවයක්‌ කරනවා. මොකද පසුගිය වසර 03 ක කාලයේ නගර සභාවේ වැඩ කටයුතු අඩාල වෙලා තිබුණා. දැන් ඒ සියල්ල ජනතාව වෙනුවෙන් ඉටු කරනවා.“ යැයිද නගරාධිපතිනි පැවසුවාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව මහරගම නගර සභාවේ බලය අත්පත් කර ගැනීමට “යතුරුපැදිය“ යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායමට හැකි විය. හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට අවශ්‍ය වී තිබුණේ මහරගම නගර සභාවට තේරී පත්වූ ස්වාධීන කණ්ඩායමට ඉල්ලා අස්වීමට අවස්ථාව ලබාදී තමන්ගේ කණ්ඩායම නගර සභාවේ මන්ත්‍රීධූරවලට පත් කර ගැනීමට බව එජාප මන්ත්‍රීවරයෙකු පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහරගම “පොහොට්ටුවේ“ පත්වීම ගැන මැ.කොගෙන් සහතිකයක්.
මහරගම “පොහොට්ටුවේ“ පත්වීම ගැන මැ.කොගෙන් සහතිකයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9fbR7MrrtIoaznYj9hw-MNdFPuZuXr6ovCP2a13uaIjNGvUeImEunAPdcEr6A8s4DAqq3wU9Rz3xSsQQGCShkMlcCAgIiUNp7XquEhvEWxjDdJt86NChg4izU8KJQRbWJwZQh3GKKMM4/s1600/944aa5b6a61571b9c745d6c0fded5f78_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9fbR7MrrtIoaznYj9hw-MNdFPuZuXr6ovCP2a13uaIjNGvUeImEunAPdcEr6A8s4DAqq3wU9Rz3xSsQQGCShkMlcCAgIiUNp7XquEhvEWxjDdJt86NChg4izU8KJQRbWJwZQh3GKKMM4/s72-c/944aa5b6a61571b9c745d6c0fded5f78_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy