ලන්ඩනයේ වෙසෙන lankaenews.com වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ ඔහු මෙරටට පිටුවහල් කරන ලෙසට ජනාධිපති මෛත...
ලන්ඩනයේ වෙසෙන lankaenews.com වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ ඔහු මෙරටට පිටුවහල් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටී.
පැජට් පාරේ පිහිටි තම නිවසේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේස්ම් ඩෝරිස් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේය.
ජනාධිපතිවරයා විවේචනය කරමින් ලිපි පළ කිරීමෙන් පසුව එම වෙබ් අඩවිය පසුගිය නොවැම්බර් මාසයේ සිට අවහිර කොට ඇත.
thesundayleader.com පවසන්නේ, තොරතුරු දැන ගැනීමේ අයිතිය මත groundviews.com වෙබ් අඩවිය ලබාගත් තොරතුරුවලට අනුව, ජනාධ්පතිවරයා හා ඔහුගේ පවුල විවේචනය කරමින් ලිපි පළ කරන මෙම වෙබ් අඩවිය මෙරටින් පිටත සිට ක්‍රියාත්මක වන බවයි.
එහි කර්තෘවරයා මෙරටින් පිටව සිටින නිසා ඔහුට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි බව ද විදුලි සංදේශ නියාමන කොමිසමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා යැවූ ලිපියක දක්වා ඇත.
COMMENTS