යොවුන් පුර 2018 වැඩසටහන සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා පවසයි. ඔහු පෙ...
යොවුන් පුර 2018 වැඩසටහන සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කාලගුණය සහ පරිසරය මගින් ද මෙහිදී විවිධ බාධක ඇති වූ බවයි.
රට පුරා සිටින විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන් 7000කට පමණ එකම ස්ථානයකට රැස්ව විවිධ ක්‍රියාකාරකම් කිරීම සඳහා පසුබිම සැකසීම ඉතා අපහසු කටයුත්තක් බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේය.
නම වන යොවුන් පුරය වැඩසටහන මාර්තු මස 28 වන දින නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත ව තිබේ.
ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් සහයෝගය ලබා දෙන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා කියා සිටියේය.
COMMENTS