කොළඹ 12 කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් විදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලිගේ කඳ කොටස අද පෙරවරුවේ අගුණුකොළපැලැස්ස , මු...
කොළඹ 12 කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් විදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලිගේ කඳ කොටස අද පෙරවරුවේ අගුණුකොළපැලැස්ස , මුරවැඩිහේන, ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා තිබියදී ගොඩ ගනු ලැබීය.
ඒ අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් කුශිකා කුමාරසිරි මහත්මිය ඉදිරියේය.
කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් විදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලි නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයා ගනු ලැබුවේ පසුගිය 7 වනදා උදෑසනය.
පසුව හෙළි වූයේ ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස, ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා ඇති බවයි.
COMMENTS