දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන පත්වීමක් කී මහාධිකරණ විනිසුරු ගැන තීන්දු ගත් හැටි ජනපති හෙළිකරයි
Homeප්‍රවෘත්ති

දේශපාලන පත්වීමක් කී මහාධිකරණ විනිසුරු ගැන තීන්දු ගත් හැටි ජනපති හෙළිකරයි

PropellerAds

අධිකරණ ක්ෂේත‍්‍රයට අදාළ පත්කිරීම් සිදු කිරීමේදී කිසිදු අවස්ථාවක තම පුද්ගලික අභිමතය පරිදි තනි තීන්දු ගෙන නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිර...

ජනපතිවරණ අවසන් රැලි අද - ගෝඨා හෝමාගම - සජිත් මරදාන - අනුර මහරගම
ආණ්ඩුකාරයෝ 4කට වැඩ තහනමක්
ප‍්‍රභාකරන් සර්ට මං ලියුම් 42ක් යැවුවා… සජිත්ගේ ජන හමුවක චන්ද‍්‍රිකා යාපනේදී කියයි..
දේශපාලන පත්වීමක් කී මහාධිකරණ විනිසුරු ගැන තීන්දු ගත් හැටි ජනපති හෙළිකරයි

අධිකරණ ක්ෂේත‍්‍රයට අදාළ පත්කිරීම් සිදු කිරීමේදී කිසිදු අවස්ථාවක තම පුද්ගලික අභිමතය පරිදි තනි තීන්දු ගෙන නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා අන්තර්ජාලය ඇතුළු මාධ්‍ය මගින් මෙන්ම අධිකරණ ක්ෂේත‍්‍රයේ ඇතැම් ආයතන චෝදනා එල්ල කළ මහාධිකරණ විනිශ්චයකාර පත්වීම සිදුකරන ලද්දේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ පත්කිරීම සිදු කරන ලද්දේ අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ආයතවල නිරික්ෂණයට ඉදිරිපත්කොට අනුමැතිය හිමිවීමෙන් පසුව බව ද පැවසු ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු ඉතාමත් පිරිසිදුව, විනිවිදභාවයෙන් යුතුව ඉටුවිය යුතුය යන්න එදත්, අදත්, හෙටත් තම ස්ථාවරය බව ද කියා සිටියේය.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති 2017 ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය අමතමිනි.

සමාජය තුළ ඉතා විවෘතව කටයුතු කළ අයෙකු ලෙස සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධූරයේ බලතලවලින් කොටසක් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ස්වාධීන ආයතනවලට පවරාදුන් ජනාධිපතිවරයෙකු ලෙස දැනට ඉතිරිව තිබෙන බලතල භාවිතා කිරීමේදී ද කිසිදු අවස්ථාවක තනී තීරණවලට එළැඹීමට සුදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු ක්ෂේත‍්‍රවල තීන්දු තීරණ ගැනීමේදී එම ක්ෂේත‍්‍රවල සිටින විශේෂඥයින් මෙන්ම උගතුන් සහ බුද්ධිමතුන් සමග සාකච්ඡා කරන බව ද ප‍්‍රකාශ කළේය.

අධිකරණ පද්ධතිය තුළින් මහජනතාව අපේක්ෂා කරන අරමුණු ඉටු කිරීමේදී බොහෝ දේ සංවාදයට පමණක් සීමාවී තිබෙන අතර ඒ සඳහා නිසි විසඳුම් ලැබී නොමැති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා නඩු කටයුතු ප‍්‍රමාදවීම් වැනි මෙම ගැටලු විසඳාගැනීමට ක්ෂේත‍්‍රයේ සියලුදෙනා සාමුහිකව තම වගකීම් ඉටුකළයුතු බව ද ප‍්‍රකාශ කළේය.

අධිකරණයට දේශපාලන පත්වීමක් 

කෙසේ වෙතත් පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පෙරේදා (14) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස්‌ මහතා පැවසූයේ අධිකරණ ඇමැතිවරයාගේ විරුද්ධත්වය නොතකා දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව මත මඩකලපුව ප්‍රදේශයේ පෞද්ගලික නීතිඥ සේවයේ යෙදී සිටි නීතිඥවරයකු මහාධිකරණ විනිසුරුවකු ලෙස පත්කර ඇති බවයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා සදාචාරයට පටහැනිව මෙවැනි පත්කිරීමක්‌ සිදුවූයේ කෙසේද යන්න දිසා විනිසුරුවන් හා මහෙස්‌ත්‍රාත්වරුන් නිල වශයෙන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයා හමුවී සාකච්ඡා කර තිබෙන බවත් කිසිදු අවස්‌ථාවක නීතිඥ සංගමය මෙවැනි ඉල්ලීමක්‌ කර නැති බවත් එම සංගමය ප්‍රකාශ කර ඇතැයි ඔහු එහිදී පෙන්වා දෙයි.

එබැවින් මෙම මහාධිකරණ විනිසුරුවරයා පත්කිරීමට මැදිහත් වී ඇති දේශපාලන පක්‍ෂය කුමක්‌ද යන්න රටට හෙළිදරව් කිරීම අධිකරණ ඇමැතිවරයාගේ යුතුකම බවත් පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා මෙය රහසක්‌ ලෙස තවදුරටත් තබාගැනීමට නොහැකි බවත් එය හෙළිදරව් කිරීම ඉතාම වැදගත් බවත් පැවසී ය.

මෙම දේශපාලන පත්වීම පිළිබඳව නීතිපතිවරයා කර තිබෙන නිර්දේශය කුමක්‌ද යන්න හා එම පත්වීම අනුමත කළාද යන්න පිළිබඳව ද රටට අනාවරණය කිරීමත් නීතිපතිවරයාගේ වගකීමක්‌ බවත් ඔහු සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන පත්වීමක් කී මහාධිකරණ විනිසුරු ගැන තීන්දු ගත් හැටි ජනපති හෙළිකරයි
දේශපාලන පත්වීමක් කී මහාධිකරණ විනිසුරු ගැන තීන්දු ගත් හැටි ජනපති හෙළිකරයි
http://ift.tt/2lkcFk3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_681.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_681.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy