දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රංගේලාට, වසන්තලාට රනිල් ඉවත් කරන්න බෑ" - විඡේපාල හෙට්‌ටිආරච්චි
Homeප්‍රවෘත්ති

"රංගේලාට, වසන්තලාට රනිල් ඉවත් කරන්න බෑ" - විඡේපාල හෙට්‌ටිආරච්චි

PropellerAds

රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය ඇමතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න බලයක් නැති බව ගාල්ල දිස්ත්‍රික්...

විජයකලාට සාගලගෙන් රැකවරණ ?
ගං වතුරෙන් විපතට පත්වූවන්ට එජාප මන්ත්‍රීන්ගෙන් ලක්ෂ 31ක් !
පාකිස්ථාන නිල වෙබ් අඩවියෙන් ඉන්දියාවේ ජාතික ගීය..!

රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය ඇමතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න බලයක් නැති බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ ඊයේ (04) මන්ත්‍රිවරයාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදිය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේ අදහස් දැක්වීය.

“වසන්ත සේනානායක හා රංගේ බණ්ඩාර කෑ ගහනවා නායකයා ඉවත් කරන්න ඕන කියලා. වසන්ත සේනානායක රාජ්‍ය ඇමතිතුමා පක්ෂයේ උරුමය ගැන කථා කරනවා. එයා පක්ෂය මාරු කරලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගිහින් නැවත එජාපයට ආපු කෙනෙක්. එයාට බැහැ පක්ෂ නායකත්වය වෙනස් කරන්න. රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිතුමාටත් බලයක් නැහැ. මේවා හුදකලාවේ කරන ප්‍රකාශ. මේ අය මාධ්‍ය සංදර්ශන තමයි පවත්වන්නේ. පුළුවන් නම් කණ්ඩායම ඇතුළේ මේවා කථා කරන්න. අද ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම තියෙනවා. පුළුවන් නම් මේවා කණ්ඩායම් රැස්වීමේ දී කථා කරන්න. සමහර විට හිතෙනවා ඇති මේ වගේ ප්‍රකාශ කළ විට අගමැතිතුමා භයවෙලා ඇමති ධුරයක් දේවි කියලා. එහෙමත්ද දන්නේ නැහැ. මේ වගේ ප්‍රකාශ කරන්නේ. අගමැතිතුමාට රකින්න පරපුරක් නැහැ. අගමැතිතුමා එම ධුරයෙන් ඉවත් කරන්න එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම කැමති නැහැ. නමුත් එජාපය තුල ප්‍රතිසංවිධානයක් විය යුතුයි. දැන් අගමැතිවරයා ඉවත් කරලා ආණ්ඩුව හා පක්ෂය කඩන්න අපි සුදානම් නැහැ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හදන්නේ දෙගොල්ලන්ටම කරන්න බැහැ කියලා යලි බලය ගන්න තමයි පිඹුරුපත් හදන්නේ. එවා ගැන අපි දන්නවා. ඒ කුමන්ත්‍රණ අපි පරාජය කරනවා. එජාපයේ කවුරු හරි විශ්වාසභංගයට අත්සන් කරනවා නම් ඒ අත්සන් කරන්නේ පක්ෂයට ආදරයට නෙවෙයි. වරප්‍රසාදවලටයි.”

“පත්තරවල තියෙනවා එජාපයෙන් දහයක් යනවා පහළොවක් යනවා කියලා. ඒ යන අය කවුද කියලා අපි දැන ගත යුතුයි. හැංගි හැංගි වෙස් බැන්දාට එලියේ නේ නටන්න වෙන්නේ. හැංගි හොරා මේ වගේ දේවල් කරණ අයම තමයි පස්සේ අගමැතිතුමා හමුවෙලා නොයෙකුත් වරප්‍රසාද ලබා ගන්නේ. කලිනුත් එහෙම කරපු ඇතමුන් නියෝජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් ලබාගෙන තනතුරුවල ඉන්නවා. ඒ කාලයේ අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට කියු අය දැන් අගමැතිතුමා එක්ක ඉන්නවා. විශ්වාසභංගය පුස්සක්. එකාබද්ධයේ කල්ලිය පසුගිය දිනවල අලුතෙන් ආණ්ඩුවක් හදන්න සෑහෙන උත්සාහයක් ගත්තා නමුත් 113 සොයා ගන්න බැරි වුනා. එක අසාර්ථක වුනාට පසු විශ්වාසභංග ගේන්න හදනවා. එක එක වරප්‍රසාදවලට යටවෙන යු.එන්.පි මන්ත්‍රිවරු නැහැ. රංගේ බණ්ඩාර මහත්තයා රාජ්‍ය ඇමතිවරයෙක්. එයා ඇමතිකමෙන් අස්වෙලා තමයි විශ්වාසභංග යෝජනාවක් ගෙන්න ඕන. ඇමති ධුරයේ ඉදගෙන විශ්වාසභංග ගේන්න සහ ඒවාට අත්සන් කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. 19වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා කාටවත් ඉවත් කරන්න බැහැ. එක එක අගුපිල්වල කථා කරලා විශ්වාසභංග ගේන්න බැහැ. පුළුවන් නම් විශ්වාසභංගයක් අගමැතිවරයාට එරෙහිව ගේන්න කියලා මම අභියෝග කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ගාල්ල ලලිත් චාමින්ද )

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රංගේලාට, වසන්තලාට රනිල් ඉවත් කරන්න බෑ" - විඡේපාල හෙට්‌ටිආරච්චි
"රංගේලාට, වසන්තලාට රනිල් ඉවත් කරන්න බෑ" - විඡේපාල හෙට්‌ටිආරච්චි
http://am.lk/media/k2/items/cache/822d4e141987d4fd365c23646cc01d53_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy