දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බංග්ලාදේශයට තරග තහනම නැවතුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෙක් නිසා?
Homeගොසිප්

බංග්ලාදේශයට තරග තහනම නැවතුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෙක් නිසා?

PropellerAds

නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සිදු වූ හානිය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට ය...

'මහරගමට උගත්, වියත්, වැදගත් නායකත්වයක් ගෙනෙමු'' - චම්පික
නව වසරේ UNPආණ්ඩුවක් : TNA හා ශ්‍රීලනිප පිරිසකුත් එයි.
ජනාධිපතිගේ ආර්ථික සභාව මර නින්දේ : බැංකු සහ කර්මාන්ත අනතුරේ.

නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සිදු වූ හානිය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට යළිත් කතාබහක් නිර්මාණයව ඇත්තේ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන කාගිසෝ රබාඩාට පැන වූ තරග තහනම හේතුවෙනි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් දවාගැනීමෙන් අනතුරුව රබාඩා ඔස්ට්‍රේලියානු නායකයාට අවිනීත ආකාරයෙන් ආමන්ත්‍රණය කළා යැයි චෝදනා කරමින් එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ ඔහුට තරග දෙකක තහනමක් පැනවීය. 

 කෙසේ වෙතත් රබාඩා එම තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, පසුව ඔහුගේ තරග තහනම ඉවත් කෙරුණේ අයිසීසී ක්‍රීඩක විනය සංග්‍රහයේ කිසිදු වගන්තියක් ඔහු විසින් උල්ලංඝනය කර නොමැති බව සඳහන් කරමිනි. එහෙත් මෙම සිද්ධියත් සමග පැන නගින ගැටලුවක් වනුයේ ඔස්ට්‍රේලියානු නායකයාව දවාගැනීමේ ප්‍රීතිය සමරනු වස් කළ ක්‍රියාවට තරග දෙකක තහනමක් පැනවීමත්, ක්‍රීඩාගාරවල වීදුරු බිඳිමින් ක්‍රීඩකයන්ට නොගැළපෙන ආකාරයෙන් පිටියේ හැසිරුණු බංග්ලාදේශ කණ්ඩායමට සියයට 25ක දඩයක් සහ අසාදු ලකුණක් පමණක් ලබාදීමත් ප්‍රමාණවත්ද යන්නයි.

හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙක් වන හර්බජාන් සින් පවා මෙම සිද්ධියට එරෙහිව පවසා සිටියේ බංග්ලාදේශ කණ්ඩායමේ විනය විරෝධී ක්‍රියාවලට මීට වඩා ලොකු දඬුවමක් ලබාදිය යුතු බවයි. කෙසේ වෙතත් මේ වන විට මෙම සිද්ධිය (බංග්ලාදේශ කණ්ඩායමට තරග තහනමක් ලබා නොදීම සම්බන්ධයෙන්) පසුපස මෙරට ක්‍රිකට් 'ලොකු පුටුවක්' හොබවන පුද්ගලයෙකුගේ නමක් ඈඳී තිබීම කනගාටුවට කරුණකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර ලබාගැනීම සඳහා බංග්ලාදේශයේ සහය ලබාගැනීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙම පුද්ගලයාගේ මැදිහත් වීම මත වැළකී ගොස් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ක්‍රීඩකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව මැදිහත් වී ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් උපරිම සාධාරණයක් සිදු කරගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සිය ක්‍රීඩකයන්ට එරෙහිව බංග්ලාදේශ ක්‍රීඩකයන් සිදු කළ විනය විරෝධී ක්‍රියාවන්ට උපරිම සාධාරණයක් සිදුකරගැනීමට අපොහොසත් වීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් නායකයෙකු 'අද' පුවත්පතට පවසා සිටියේ තමන් නායකත්වය දරන අවස්ථාවකදී මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ නම් ඊට එරෙහිව උපරිම සාධාරණයක් වනතුරු තමන් සටන් කරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී පෙනී යන්නේ යම් යම් පුද්ගලයන්ගේ පටු අභිමතාර්ථ සහ පෞද්ගලික අරමුණු ඉටු කරගනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් බිල්ලට දී ඇති බව නොවේද? මේ සියලු කාරණා පසුපස සහ බංග්ලාදේශයට අවම බලපෑමක්‌ වන පරිදි මෙම සිද්ධියේදී ක්‍රිකට් ලොක්කෙක් සිටීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහෙත් එවැනි පරීක්ෂණයක් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් දේපොළවලට සිදු වූ හානිය අයකර ගැනීම සඳහාවත් ක්‍රිකට් බලධාරීන් මැදිහත් වේ යැයි අපේක්ෂා කිරීමට මේ අනුව නොහැකි වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බංග්ලාදේශයට තරග තහනම නැවතුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෙක් නිසා?
බංග්ලාදේශයට තරග තහනම නැවතුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෙක් නිසා?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGKV0dJG-oePm9I7hvbGuzs_GNsQ7JgppWOQGkO51FeE4QfUaQkrIkwLSaeiOsg0gT9iVrMYdYM-VRQRyeybkRfIlRX_nQJaR2z77Mhy3bpyVld3VejSppcAq2rRa9Ak0Kg7w6a085xLs/s1600/5aad720ae3738-copy-copy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGKV0dJG-oePm9I7hvbGuzs_GNsQ7JgppWOQGkO51FeE4QfUaQkrIkwLSaeiOsg0gT9iVrMYdYM-VRQRyeybkRfIlRX_nQJaR2z77Mhy3bpyVld3VejSppcAq2rRa9Ak0Kg7w6a085xLs/s72-c/5aad720ae3738-copy-copy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_593.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_593.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy