ආර්ථික ලිහිල් කරණය වේගවත් කිරීමේ අය-වැය යෝජනා හමුවේ මෙරට බිස්කට් කර්මාන්තය, සම්භාණ්ඩ නිස්පාදනය සහ පාවහන් කර්මාන්තය, නාවික සේවා මෙන්ම රාජ්...
ආර්ථික ලිහිල් කරණය වේගවත් කිරීමේ අය-වැය යෝජනා හමුවේ මෙරට බිස්කට් කර්මාන්තය, සම්භාණ්ඩ නිස්පාදනය සහ පාවහන් කර්මාන්තය, නාවික සේවා මෙන්ම රාජ්‍ය බැංකු පවා දැඩි අවදානමකට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වේ.
එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවන ආර්ථික කළමණාකරණ කමිටුව විසින් අනුගමනය කරන අතිශය අහිතකර ආර්ථික තීරණ ගැනීම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික ආර්ථික සභාව පිහිටුවනු ලැබ ක්‍රියාත්මක කරමින් තිබියදී මෙම තත්වය උදාවී තිබීම විශේෂිතය.
මෙරට බිස්කට් වෙළෙඳපොළේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නිෂ්පාදන තිබියදී ඉන්දීය බිස්කට් නිෂ්පාදන රට තුළට කඩාවැදීමට ඉඩ දීමෙන් එම කර්මාන්තය අනතුරට පත්ව ඇත.
එමෙන්ම රටට අවශ්‍ය පාවහන් දේශීය කර්මාන්ත නිෂ්පාදනයද එසේම තිබියදී ඉන්දීය කර්මාන්ත සඳහා ඉඩදීමට සූදානම් වේ.
මේ අතර රාජ්‍ය බැංකුවල කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ විකිණීමට සූදානම් වීමෙන් බරපතල ලෙස එම බැංකුවල හිමිකාරිත්වය රජයෙන් ගිලිහී යාමට ඉඩ සලසා ඇති අතර මෙරට ආර්ථිකය බරපතල ලෙස බිඳවැටෙන මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පිහිටුවා තිබෙන ජාතික ආර්ථික සභාව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන සිටියි.
COMMENTS