සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත් මිළෙහි ඉහළ යාමක් සිදු වන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ අනතුරු අඟවති. ගිනි ක...
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත් මිළෙහි ඉහළ යාමක් සිදු වන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ අනතුරු අඟවති.
ගිනි කෙළි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රජයේ සමාගමක් මගින් ආනයනය කර බෙදා හරින නමුත් මෙවර ගෙන්වා ඇති වෙඩි ලුණු ප්‍රමිතියෙන් බාල වීම නිසා කර්මාන්තවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදු වූ බවත් දහස් ගණනකයේ රැකියා අහිමි වී ඇති බවත් ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පැවසීය.
මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නත් එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුල අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම නවත්වා දමා ඇති බව ද දයානන්ද මහතා පෙන්වා දුන්නේය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය සඳහා මෙවර රතිඤ්ඤාවල දැඩි හිඟයක් ඇති වන බවත් මිළෙහි වැඩි වීමක් ඇති වන බවත් දයානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS