මහනුවර ඇති වූ සිද්ධියට මුවාවී රට තුළ පැවැති විශාල ගැටළු අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේවෙතත් මහනුවර ප්...
මහනුවර ඇති වූ සිද්ධියට මුවාවී රට තුළ පැවැති විශාල ගැටළු අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කෙසේවෙතත් මහනුවර ප්‍රදේශයේ ඇති වූ සත්‍ය කතාව මේ වන විට වසන් වී පවතින බය හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඇල්පිටිය, නවදගල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“නුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. සමහරු සියලු බෞද්ධයන් ප්‍රචණ්ඩත්වයට යොමු වෙලා තිබෙනවා කියලා මේ රටට ලෝකයාට පෙන්නුම් කරන්න මහන්සි ගන්නවා. ඇත්ත කතාව වසන්වෙලා තිබෙනවා කියන එකයි මම දකින්නේ. අපි කෙසේවෙතත් බෞද්ධයින් වශයෙන් අපිට වගකීමක් තිබෙනවා අනිත් අයව ආරක්ෂා කරන්න හා රැකගන්න කියන එකයි මා විශ්වාස කරන්නේ. වගකිවයුත්තන් ඒ කාර්ය හරියට ඉටු කළා නම් මේ තරම් දුරදිග යන්නේ නැහැ.”
“ඒ නිසාම රටේ මහ බැංකු මංකොල්ලය පිළිබදව තිබිච්ච කතාව කෙලින්ම යට ගියා. එහි පළමුවෙනි විත්තිකරු පැනලා ගිහින් කියන එක අමතක වෙලා. සමාජයේ බඩු මිල ඉහළ යමින් තිබිච්ච එක මිනිස්සුන්ගේ හදවත් වලින් ඈත් වුණා. ලංකාවේම ලැබුණ ජයග්‍රහණය ගැන කතා කිරීම ගැන එක දවස් දෙකකට පමණයි සිමා වුණේ. ඒක මහනුවර සිද්ධියෙන් යට වුණා. ඉතින් මේවා කොහෙන් එනවාද මම දන්නේ නැහැ. මේවා අමතක කරන්න ජනතාවගේ හදවත්වලින් කටයුතු කිරීම අවශ්‍ය වෙලා තියෙන්නේ කාටද කියන එක මම හිතන්නේ ජනතාව අවබෝධ කරගන්න ඕනේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS