උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය 8 දා එම පක්ෂයේ...
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය 8 දා එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.
මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා 8 දා සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකුද නොවේ.
යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක්දෙ දෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතුණි.
එහිදී සී.වී.විග්නේස්වරන් මහතාගෙන් ඔහුගේ දේශපාලන අනාගතය පිළිබදව මාවෙයි සේනාධිරාජා
මහතා තොරතුරු විමසා තිබේ.
තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.
මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ දේශපාලන ගමනට සුබ පතා
ඇත.
රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජාතික සන්ධානය ගණුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් වියයයුතු බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS