වසර තිහකට වැඩි කාලයක් පැවැති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා සක්‍රීයව දායකත්වය දැක්වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් සිහි කිරීම සඳහ...
වසර තිහකට වැඩි කාලයක් පැවැති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා සක්‍රීයව දායකත්වය දැක්වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් සිහි කිරීම සඳහා කටුගස්තොට සමස්ත ලංකා රණවිරු පදනම මගින් මෙයට වසර 25 කට පමණ පෙර කටුගස්තොට නගරයේ ඉදි කර ඇති රණවිරු සැමරුම් ශාලාව කිසිදු නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව එහි පාලක මණ්ඩලය කියයි.
මෙරට තුල ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය සක්‍රියව පැවැති කාල සීමාවේ යුද බිමේ රණවිරුවන්ට සහයෝගය ලබා දීම වෙනුවෙන් මෙම රණවිරු සැමරුම් ශාලාව ඉදි කරනු ලැබුවේ රණ බිමේ දිවි දුන් රණවිරුවන්ගේ ඡායාරූප ඇතුළු මතක වස්ත්‍රයන් තැන්පත් කිරීමෙනි. ශ්‍රේෂ්ඨ රණවිරුවකු වන ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීමතාණන් ඇතුළු යුද බිමේ දිවි පිදූ සියලු ජාතීන්ට අයත් රණවිරුවන් විසි දහසකගේ පමණ ඡායාරූප තැන්පත් කරනු ලබ තිබේ.
කෙසේ නමුත් මේ වන විට රණවිරු සැමරුම් ශාලාව නඩත්තු කර ගැනීමට නොහැකිව වැසී යාමේ අවදානමකට පත්ව ඇති බව එහි පාලක මණ්ඩලය කියයි.
මෙම රණවිරු ශාලාව ආරම්භ කළ මුල් කාලයේ රණවිරු ඥාතීන්ගෙන් ලද ආධාර මුදල්වලින් නඩත්තු කිරීම සිදු වුවත් යුද්ධය අවසන් විමෙන් පසුව රණවිරු ඥාතීන්ගෙන් ලැබුණ ආධාරද නැවතී යාම නිසා රණවිරු සැමරුම් ශාලාව නඩත්තු කිරීමටද හැකියාවක් නොමැති වී ඇති බවද පාලක මණ්ඩලය කියයි.
මේ වන විට සැමරුම් ශාලාවට සපයා ඇති විදුලි සම්බන්ධතාවයේ සහ ජල සම්බන්ධතාවයේ බිල්පත් ගෙවීමට පවා ක්‍රමයක් නොමැති වී ඇති බවත් එම ශාලාව බලා ගනිමින් දැනට සේවය කරන සේවිකාවට වසර ගණනකින් දීමනාවක් ලබා දීමටත් හැකියාවක් නොමැවී තී ඇති බව ද ඔවුහූ කියති.
මෙම භූමියේ වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ පිළිරුවක්ද ස්ථාපිත කර ඇති අතර එයද නිසි නඩත්තුවක් නැති තත්වයට පත්ව තිබේ.එසේම මෙම සැමරුම් ශාලාවේ ගොඩනැගිල්ලද අබලන්ව ඇති අතර බොහෝ ස්ථාන තෙමෙමින් පවතී.
මෙම රණවිරු ශාලාව ජාතික රණවිරු අධිකාරියට හෝ පවරා ගෙන මෙය විධිමත්ව නඩත්තු කරන්නේ නම් මහල් පහකින් යුක්තව ඉදි කර ඇති මෙම රණවිරු සැමරුම් ශාලාව ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔවුහූ විශ්වාස කරති.
(මොහොමඩ් ආසික් )
COMMENTS