රට අස්ථාවර බවට පත් කරමින් අගාධයට ඇඳ දැමීමටත් අපකීර්තියට පත් කිරීමටත් ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීම දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇත...
රට අස්ථාවර බවට පත් කරමින් අගාධයට ඇඳ දැමීමටත් අපකීර්තියට පත් කිරීමටත් ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීම දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිදුවීම්වල දුෂ්ඨ අරමුණ බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ස්ථාවර නියෝග 23 (2) යටතේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
අම්පාර හා තෙල්දෙණිය යන ප්‍රදේශවල ඇතිවූ සිදුවීම් පිළිබඳව පොලීසිය කටයුතු කළේ එක් පාර්ශ්වයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“මෙම සිදුවීම් සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් කුමන්ත්‍රණකාරී ලෙස රට සහ ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණ ඇතිව මෙහෙයවන බව පැහැදිළියි. මෙහි ආසන්නම සිදුවීම මහනුවර දිස්ත්‍රික්කයේ දිගන තෙල්දෙණිය ප්‍රදේශ වල සිදු වූ අවාසනාවන්ත සිදුවීම් ය. මෙම ප්‍රචණ්ඩත්වය අභ්‍යන්තරයේ දුෂ්ඨ චේතනාවන් ගණනාවක් ඇති බව පැහැදිළි කරගත යුතුව ඇත. මේ වනවිට යම් තරමකට තත්ත්වය පාලනය කර තිබේ. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාත්, අගමැතිතුමා සහ වෙහෙස නොබලා ක්‍රියා කර බලධරයන්ට ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි. මෙවැනි අවාසනාත්මක සිදුවීම් ඉදිරියේ දී ඇතිකිරීමට බොහෝ දුරට ඉඩ ඇති වෙයි. ඔවුන් උත්සහ කරන්නේ පවතින ආණ්ඩුව අස්ථාවර කර පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට බව පැහැදිළිය.
ජාතීන් අතර සංහිදියාව සහ ජනවාර්ගික සාමය ඇතිකිරීමට ආණ්ඩුව වගකීමෙන් ක්‍රියාකරන අවස්ථාවේ ජාත්‍යන්තරය අප රට පිළිබඳව ඇතිකර තිබෙන යහපත් මතය විනාශ කොට රට අස්ථාවර බවට පත් කරමින් අගාධයට ඇඳ දැමීමටත් අපකීර්තියට පත් කිරීමටත් මෙමඟින් ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩාකප්පල් කිරීමට සහ මෙවැනි සිදුවීම්වල දුෂ්ඨ අරමුණ බව ප්‍රකාශ කළ යුතුව ඇත. ගරු ජනාධිපතිතුමා,අගමැතිතුමා සහ බලධාරීන් එම තත්ත්වය පලනය කිරීමට කඩිනමින් දැක් වූ යහපත් ප්‍රතිචාරය නැවතත් ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
COMMENTS