මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන සැකකරු ජාත්‍යන්තර පොලිසි හරහා ලංකාවට ගෙන්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවී...
මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන සැකකරු ජාත්‍යන්තර පොලිසි හරහා ලංකාවට ගෙන්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ වීරකැටියේදී පැවැති ජනහමුවක් අමතමිනි
‘‘මහබැංකු හොරකමේ මහ කෙරුමා රට පැනලා ඉන්නවා. ඔහු කොයි රටේ හිටියත් කාගෙ ආශිර්වාදය මැද්දෙ හැංගිලා හිටියත් ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහු මේ රටට ගෙනල්ලා අධිකරණ ක්‍රියා මාර්ග වලින් ඔහුට දඩුවම් දෙන්නට මේ ආණ්ඩුව පියවර ගන්නවා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරන්න පටන් ගත්තාම මේ රටේ මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරුනා.”
“හොරකම් කරන ආණ්ඩුවක ඉන්නවා කියලා අපිටත් දොස් කියන්න පටන් ගත්තා. පසු ගිය පළාත් පාලන මැතිවරණයේදි අපේ ඡන්ද පදනමට ආණ්ඩුවේ හොරකම් දැඩි ලෙස බලපෑවා. කවුරු කළත් මොන පක්ෂයකින් කළත් මේ රටේ අහිංසක ජනතාව සතු දේපොළ මං කොල්ල කන එක සදාචාර සම්පන්න දෙයක් කියල ශිෂ්ඨ සමාජයක මිනිස්සු පිළිගන්නේ නෑ .ඒ නිසා හොරකම දූෂණය වංචාව පිටු දැකීම සදහා ජනාධිපති තුමා ක්‍රියා මාර්ග ගනිමින් ඉන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS