දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් කොංග්‍රසය අද තීරණයකට : සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධූරය අනතුරේ.
Homeගොසිප්

මුස්ලිම් කොංග්‍රසය අද තීරණයකට : සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධූරය අනතුරේ.

PropellerAds

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ...

22 පෙම්වතා 16 පෙම්වතිය දූෂණය කර පැන යද්දී මාට්ටු
ජයලලිතා ජයරාම් මරණයට පත්වේ
ජය ලලිතාට අන්තිමයි - මියගිය ආරංචි වැරදිලු
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (02දා) සවස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වීමට නියමිතය.

මේ සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඉන්පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවන බව මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. හාරිස් මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව සමඟ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ගැටලු රැසක් තිබෙන බවත් එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබීම අත්‍යවශ්‍ය කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුස්ලිම් ජනතාව 10%ක් සිටියද පළාත් සභා කොට්ඨාස නිර්ණයේදී මුස්ලිම් ජනතාවට ලබාදී තිබෙන්නේ 5.8%ක අනුපාතයක් වීම, මහනුවර සිද්ධිය ඇතිවීමට පෙර එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ පාලනය කිරීමට නීති කඩිනමින් සම්පාදනය නොකිරීම, පොරොන්දු වූ පරිදි පළාත් පාලන ආයතනවල තනතුරු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම ඇතුළු කරුණු රැසක් ගැන අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය හාරිස් මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා තම පක්ෂයට ආරාධනා කළත් ඊට සහභාගි නොවූ බව ප්‍රකාශ කරන හාරිස් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අද පැවැත්වෙන පක්‍ෂයේ සාකච්ඡාවෙන් අනතුරුව බොහෝදුරට හෙට (03දා) දින අග්‍රාමාත්‍යවරයා හමුවීමට ඉඩ තිබෙන බවයි.

විශ්වාසභංගයට පක්ෂ වුවත් විපක්ෂ වුවත් විපක්ෂ නායක තනතුර අනතුරේ

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළද, පරාජය වුවද ආර්. සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක ධුරයඅභියෝගයටලක්වීමටඉඩඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්ව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදී එය ජයග්‍රහණය කළහොත් ආණ්ඩු පෙරළියක් සිදුවන බැවින් එවිට විපක්ෂ නායක ධුරය සම්බන්ධන් මහතාගෙන් ගිලිහී යනු ඇත.

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඡන්ද ලබාදුන්නහොත් එවිටද විපක්ෂනායක ධුරය අභියෝගයට ලක්කිරීමට  ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

විපක්ෂයේ සිටින ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුකොටගෙන තවදුරටත් විපක්ෂයේ සිටීම සදාචාරාත්මක නොවන බව දක්වමින් මෙලෙස විපක්ෂනායක ධුරය අභියෝගයට ලක්කිරීමට ඒකාබද්ධ විපක්ෂය මේවනවිටත් සාකච්ඡා පවත්වා ඇත.

මේ හේතුවෙන් විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව ජයග්‍රහණය කළද, පරාජය කළද විපක්ෂනායක ධුරයෙහි වෙනසක් බලාපොරොත්තු විය හැක.

ඒ අනුව ආර්. සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක ධුරය අභියෝගයට ලක්ව ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරද සාකච්ඡා වෙමින් පවතී. මෙහිදී යෝජානා වී ඇති ප්‍රධාන කාරණය වන්නේ තම පක්ෂයේ ස්වාධීනත්වය පෙන්වමින් විශ්වාස භංගයට පක්ෂව හෝ විපක්ෂව ඡන්ද පාවිච්චි නොකර සිටීම වඩාත් යෝග්‍ය කාර්යය වනු ඇති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් කොංග්‍රසය අද තීරණයකට : සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධූරය අනතුරේ.
මුස්ලිම් කොංග්‍රසය අද තීරණයකට : සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධූරය අනතුරේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikp_7ajcgV3B9JuxKK_CKYfKOTt5qoaAEIcSr6lQgjdsTRgJyMM9FONA3imc2I2CMnOK_5rtNZ3vQMbalEGZYon3FLwKk7a7I4p20LPD7Za5GE9Ig-g9lsiPntSFNzcRLZdIHb2PSJNGc/s1600/96314803.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikp_7ajcgV3B9JuxKK_CKYfKOTt5qoaAEIcSr6lQgjdsTRgJyMM9FONA3imc2I2CMnOK_5rtNZ3vQMbalEGZYon3FLwKk7a7I4p20LPD7Za5GE9Ig-g9lsiPntSFNzcRLZdIHb2PSJNGc/s72-c/96314803.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy