දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"දුෂිතයන් සමඟ ආණ්ඩු කිරීමට සූදානම් නෑ" - ජනපති අවසන් ජන රැළියේදී කියයි
Homeප්‍රවෘත්ති

"දුෂිතයන් සමඟ ආණ්ඩු කිරීමට සූදානම් නෑ" - ජනපති අවසන් ජන රැළියේදී කියයි

PropellerAds

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙන යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරටු කර ගනිමින් අද රටට ...

දුමින්දගෙන් අභියාචනයක්
සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
'තාක්ෂණ නගරය අරඹයි' - සජීවී විකාශය (LIVE)

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙන යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරටු කර ගනිමින් අද රටට ආදරය කරන සියලු ජනතාව එකම ධජයක් යටතට ඒකරාශීවී අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එ ඊයේ (07) පස්වරුවේ කදුරුවෙල නගරයේ පැවති ජනරැළිය අමතමිනි.

දූෂිතයින් සමග ආණ්ඩු කිරීමට තමා සූදානම් නොමැති බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා තම දේශපාලන දිවිය තුළ කිසිදා දූෂණයට, වංචාවට සහ අල්ලසට ඉඩ තබා නොමැති බවත් එම ප‍්‍රතිපත්තිය ශක්තිමත් කරමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ රට ගොඩනැගීමට කැපවන බවත් අවධාරණය කළේය.

පසුගියදා පොළොන්නරුව ප‍්‍රදේශයට පැමිණි හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුවේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කර තිබූ විවේචනය ද මෙහිදී කනගාටුවෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ගමත්, නගරයත් සංවර්ධනයේ නව පරිවර්තනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ මේ වන විට පුළුල් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

අද ජනතාව ඒකරාශී වී තිබෙන්නේ එම වෙනස සමග පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ රට ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා එබැවින් විවේචන පසෙකලා ගමක්, නගරයක් පාසා පැමිණෙමින් එම වෙනස අත්දකින ලෙස තමා හිටපු ජනාධිපතිවරයාට මෙන්ම විවේචනය කරන සියලුදෙනාට ආරාධනා කරන බවද පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය විදියට ඉදිරිපත් කරන්නේ ”ගම හදමු” කියලා. මේ මැතිවරණය ආණ්ඩු විරෝධී මැතිවරණයක් කර ගන්න කියලා මා හිතවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් පක්ෂය රටේ ජනතාවට කියනවා මේ මැතිවරණය මේ රට දියුණු කරන්න, සදාචාර සම්පන්න සුචරිත දේශපාලන පරපුරක් හදාගන්න, රටත් නගරයත් ගමත් දියුණු කරගෙන රටට හොඳ අනාගතයක් සඳහා අත ලකුණටත් බුලත් කොළයටත් ඡන්දය දෙන්න කියලා. රටේ ඇතැම් දිස්ත‍්‍රික්ක අත ලකුණෙනුත් ඇතැම් දිස්ත‍්‍රික්ක බුලත් කොළයෙනුත් තරග කරනවා. කන්ද උඩරට වතුකරය අපි තොණ්ඩමන් මැතිතුමා සමග සන්ධානගත වී කුකුළා ලකුණෙන් තරග කරනවා. නැගෙනහිර අතාවුල්ලා ඇමතිතුමා එක්ක සන්ධානගත වී අපි තරග කරනවා අශ්වයා ලකුණෙන්. මම පසුගිය දිනවල යාපනයට ගියා. ගිහින් හින්දු ජනතාව මුණගැසුණා. ඔබ මාධ්‍ය තුළ දකින්නට ඇති ඒ ජනතාව මා කෙරෙහි මොන තරම් හිතවත්කමක් දැක්වුවාද කියලා. ඒ වගේම මම නැගෙනහිර පළාතට ගියා. එහි මුස්ලිම් ජනතාව කොතරම් මා පැමිණි රැළියට ඒකරාශී වී සිටියාද කියලාත් ඔබ මාධ්‍යයෙන් දකින්නට ඇති. හම්බන්තොට ගිය අවස්ථාවේදීත් ගාල්ලේ රැළියේදීත් මොනතරම් ජන ගඟක් ඒ රැළි සඳහා පැමිණ සිටියාද. ඒවා මොනතරම් සාර්ථක වුණාද?”

“මම ඔබේ වගකීම භාර ගන්නවා. මම රටේ ජනතාවගේ වගකීම භාර ගන්නවා. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගන්නවා. මම කාටවත් රට කඩන්න, රට බෙදන්න දෙන්නේ නැහැ. කවුරු හරි ආවොත් මම ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. මම මේ රට ආරක්ෂා කරනවා. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඔය දේශපාලන සටන් පාඨ, විවේචන ඒ සියලු දේ විසි කරන්න. මගේ උතුම් මාතෘ භූමිය මගේ ජීවිතයටත්, පණටත් වඩා මම රකිනවා. ආරක්ෂා කරනවා. කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී ඔබත්, මමත් රට වෙනුවෙන් එක්වී ඔබෙත් මගේත් මාතෘ භුමිය වෙනුවෙන් සිංහල, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව සමග ජාතික සමගිය සහ ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් සුන්දර රටක් අපි ගොඩ නගමු. ඒ සඳහා අපි සියලු දෙනා එකට එකතුවෙමු කියලා ආරාධනා කරමින් ගෞරවනීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා ලබා ගනිමින් ඒ වගේම කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ පූජකතුමාලාගේ අවවාද අනුශාසනා ලබාගනිමින් සියලු ආගමිකයින් අතර ගොඩනැගුණු ආගමික සහජීවනය සමග අපි ඉතා යහපත් සමාජයක් ගොඩනගාගෙන ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් බවට මේ මාතෘ භූමිය ගොඩනගමු කියන ඉල්ලීම ඔබෙන් කරනවා.”යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "දුෂිතයන් සමඟ ආණ්ඩු කිරීමට සූදානම් නෑ" - ජනපති අවසන් ජන රැළියේදී කියයි
"දුෂිතයන් සමඟ ආණ්ඩු කිරීමට සූදානම් නෑ" - ජනපති අවසන් ජන රැළියේදී කියයි
http://am.lk/media/k2/items/cache/84c949d616e1eb4c4bdb0c49c3c52720_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_969.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_969.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy