දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව කොවිඩ් ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව CDC කියයි
Homeප්‍රවෘත්ති

ලංකාව කොවිඩ් ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව CDC කියයි

PropellerAds

ඇ මරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය...

මූල්‍ය වංචා සහ දූෂණ නඩු සඳහා විශේෂ මහාධිකරණයක්
අන්කල්ගේ හෙළුව දුටු ශානිකාට දෙලොව රත්වෙයි.
චීන සහයෝගයෙන් ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොටට.
මරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා ඉහළ මට්ටමේ පවතින රටක් ලෙස නම් කරයි. එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19 ඉතා ඉහළ මට්ටමේ’ ඇති රටවල් අතරින් එකක් ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත.

කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සංචාරකයන් සදහා වන සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතිය සංශෝධනය කළ බවත්, ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පෙර සහ පසුව පරීක්ෂණ කිරීම සඳහා නව නිර්දේශ නිකුත් කළ බවත් එම ආයතනය පවසයි.

එම දැනුම්දීමට අනුව, ඔවුන් තෝරාගත් රටවල් වල කොවිඩ්-19,
4 වන මට්ටම – ඉතා ඉහළ ලෙසත්
3 වන මට්ටම – ඉහළ ලෙසත්
2 වන මට්ටම – මධ්‍යස්ථ ලෙසත්
1 වන මට්ටම – අඩු හා වාර්තා නොවූ ලෙසත් වර්ගීකරණය කර ඇත.

CDC ආයතනය මගින් ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත සංචාරක නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීමේ හැකියාව වැඩි බැවින්, සංචාරකයින් ශ්‍රී ලංකාව බලායන සියළුම සංචාරයන්ගෙන් වැළකී සිටිය යුතු බවයි.

“සංචාරකයින් ශ්‍රී ලංකාව බලා යන සියලු ගමන් අත්හිටුවිය යුතුයි. ඔබගේ සංචාරය අත්‍යාවශ්‍ය එකක් නම් පමණක්, විශේෂයෙන් ඔබට කොවිඩ්-19 නිසා දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්, සංචාරය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර හා නැවත එක්සත් ජනපදය වෙත පැමිණීමට පෙර, දින 1 – 3 අතර කාලයේදී වෛරස පරීක්‍ෂාවක් සිදුකර ගන්න, සංචාරයේ දී ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල වල පිටපතක් ඔබ සමඟ තබාගන්න.”

“ඔබේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක නම් නැවත එක්සත් ජනපදය බලා පැමිණීමෙන් වළකින්න; වහාම ඔබ හුදෙකලා වී මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න.” යනුවෙන් CDC ආයතනය නිකුත් කළ නවතම නිවේදන වල දැක්වේ.

CDC ආයතනය විසින් ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ්-19 ‘4 වන මට්ටම: හෙවත් `ඉතා ඉහළ’ කාණ්ඩයට ඇතුළත් කර ඇත.

බාබඩෝස්, මොරිෂස්, සීෂෙල්ස් සහ දකුණු කොරියාව වැනි රටවල් ‘දෙවන මට්ටම : මධ්‍යස්ථ’ කාණ්ඩයට ඇතුළත් කර තිබේ.

ඕස්ට්‍රේලියාව, කාම්බෝජය, චීනය, ෆීජි, හොංකොං, ලාඕසය, මොන්ගෝලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය සහ තවත් රටවල් කිහිපයක් ‘මට්ටම 1: අඩු’ අවදානම් රටවල් ලෙසද එම ආයතනය වර්ගීකරණය කර ඇත.



























CDC ආයතනය විසින් වර්ගීකරණය කරන ලද සම්පූර්ණ රටවල් ලැයිස්තුව පහතින් දැක්වේ.


4 වන මට්ටම: ඉතා ඉහළයි (Very High)

සංචාරකයින් මෙම රටවල් වෙත සංචාරය කිරීමෙන් වැළකිය යුතුය.

ඇෆ්ගනිස්ථානය, ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ඩෝරා, ඇන්ගෝලා, ඇන්ටිගුවා සහ බාබුඩා, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, අරුබා, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බහමාස්, බහරේන්, බංග්ලාදේශය, බෙලාරුස්, බෙල්ජියම, බෙලීස්, භූතානය, බොලිවියාව, බොනෙයා, බොස්නියාව, හර්සෙගොවිනා , බල්ගේරියාව, බුර්කිනා ෆාසෝ, බුරුමය (මියන්මාරය), බුරුන්ඩි, කැමරූන්, කැනඩාව, කේප් වර්ඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, චිලී, කොලොම්බියාව, කොමරෝස්, කොංගෝ ජනරජය, කොස්ටාරිකාව, ක්‍රොඒෂියාව, කියුබාව, කුරකාඕ, සයිප්‍රසය, චෙක් ජනරජය , කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ජිබුටි, ඩොමිනිකන් ජනරජය, පාස්කු දූපත, ඉක්වදෝරය, ඊජිප්තුව, එල් සැල්වදෝරය, සමක ගිනියාව, එරිත්‍රියාව, එස්තෝනියාව, එස්වාටිනි (ස්වාසිලන්තය), ඉතියෝපියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ප්‍රංශ ගයනා, ප්‍රංශ පොලිනීසියාව, ගැබොන්, ගැම්බියාව, ජෝර්ජියාව, ජර්මනිය, ඝානාව, ගිබ්‍රෝල්ටාර්, ග්‍රීසිය, ග්වාඩෙලූප්, ගුවාම් (එක්සත් ජනපදය), ග්වාතමාලාව, ගිනියාව, ගිනියා-බිසව්, ගයනා, හයිටි, හොන්ඩුරාස්, හංගේරියාව, අයිස්ලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඉරාකය, අයර්ලන්තය, ඊශ්‍රායලය බටහිර ඉවුර සහ ගාසා, ඉතාලිය, ජැමෙයිකාව, ජපානය, ජර්සි (එක්සත් රාජධානියේ කොටසක්), ජෝර්දානය, කසකස්තානය, කෙන්යාව, කොසෝවෝ, කුවේට්, කිර්ගිස්තානය, ලැට්වියාව, ලෙබනනය, ලෙසෝතෝ, ලයිබීරියාව, ලිබියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැඩගස්කරය, මැඩෙයිරා දූපත්, මලාවි, මැලේසියාව, මාලදිවයින, මාලි, මාටියා (මාටියා) ප්‍රංශය, මෙක්සිකෝව, මෝල්ඩෝවා, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ, මොරොක්කෝව, මොසැම්බික්, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නිකරගුවාව, නයිජර්, නයිජීරියාව, උතුරු කොරියාව, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, ඕමානය, පාකිස්තානය, පැනමාව, පැරගුවේ, පේරු, පිලිපීනය, පිට්කේන් දූපත් . ස්ලොවේනියාව, සොලමන් දූපත්, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, දකුණු සුඩානය, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, සුඩානය, සුරිනේම්, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, සිරියාව, ටජිකිස්තානය, ටැන්සානියාව, ටෝගෝ, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියාව, තුර්කිය, ටර්ක්මෙනිස්තානය, ටර්ක්ස් සහ කයිකෝස් දූපත් (එක්සත් රාජධානි), උගන්ඩාව, යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්ය, එක්සත් රාජධානිය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, වර්ජින් දූපත් (එක්සත් ජනපදය) , යේමනය, සැම්බියාව, සිම්බාබ්වේ

3 වන මට්ටම: ඉහළ (High)

සංචාරකයින් පහත සඳහන් රටවල් වෙත අත්‍යවශ්‍ය නොවන සංචාර වලින් වැළකී සිටිය යුතුය.
(මෙම කාණ්ඩයට මේ වනතෙක් කිසිදු රටක් ඇතුලත් කර නොමැත.)

2 වන මට්ටම: මධ්‍යස්ථ (Moderate)

කොවිඩ්-19 හේතුවෙන් දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් පහත සඳහන් රටවල් වෙත යන අත්‍යවශ්‍ය නොවන ගමන් මගහැරිය යුතුය.

බාබඩෝස්, ඩොමිනිකා, ෆාරෝ දූපත්, ගුවර්න්සි, මොරිෂස්, ශාන්ත බර්තෙලමි, ශාන්ත ලුසියා, සීෂෙල්ස්, දකුණු කොරියාව, උරුගුවේ

පළමු මට්ටම: අඩු (Low)

සියලුම සංචාරකයින් මුව ආවරණ පැළඳිය යුතුය, ඔබේ නිවැසියන් නොවන පුද්ගලයින්ගෙන් අවම වශයෙන් අඩි 6 ක් වත් ඈතින් සිටිය යුතුය, නිතරම අත් සේදීම හෝ දෑත් පිරිසිදුකාරක භාවිතා කිරීම කළ යුතු අතර රෝග ලක්ෂණ පිළිබදව සැලකිලිමත්ව සිටිය යුතුය.

ඇමරිකානු සැමෝවා, ඇන්ගුයිලා, ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව, බෙනින්, බර්මියුඩා, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, බෲනායි, කාම්බෝජය, කේමන් දූපත්, චීනය, කුක් දූපත්, ෆෝක්ලන්ඩ් දූපත්, ෆීජි, ග්‍රීන්ලන්තය, ග්‍රෙනාඩා, හොංකොං, මෑන් දූපත, අයිවරි කෝස්ට්, කිරිබාටි, ලාඕසය, මැකාවු සහ මිකෙලොන්, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, සැමෝවා, සිංගප්පූරුව, සියරා ලියොන්, තායිවානය, තායිලන්තය, ටිමෝර්-ලෙස්ටේ (නැගෙනහිර ටිමෝරය), ටොකෙලාවු, ටොංගා, ටුවාලු, වනුවාටු, වියට්නාමය

මට්ටම හදුනා නොගත් (Level unknown)

මෙම රටවල් කොවිඩ්-19 දත්ත වාර්තා කර නොමැති අතර අවදානම නොදන්නා නිසා සංචාරකයින් පහත      සඳහන් ගමනාන්ත වෙත අත්‍යවශ්‍ය නොවන ගමන් මගහැරීම සුදුසු වේ.

අසෝර්ස්, බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර කලාපය, කැනරි දූපත්, ක්‍රිස්මස් දූපත, කොකෝස් (කීලිං) දූපත්, නොර්ෆොක් දූපත, දකුණු ජෝර්ජියාව සහ දකුණු සැන්ඩ්විච් දූපත්, වේක් දූපත, බටහිර සහරාව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව කොවිඩ් ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව CDC කියයි
ලංකාව කොවිඩ් ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව CDC කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiraNk7NRpntTwWTn3q9Xjkhpc1hh7pQxMG9wBWLMIfTmj94Ps-oXugVdzTlNDLgmqP9sDBj_GjN07bM_2Ug0Z4yVYQ1p7rAfmKOrBFMpwaWQHkLjESgdfWtZm1PU8uwUn2td_WBtPCS7E/s320/corona.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiraNk7NRpntTwWTn3q9Xjkhpc1hh7pQxMG9wBWLMIfTmj94Ps-oXugVdzTlNDLgmqP9sDBj_GjN07bM_2Ug0Z4yVYQ1p7rAfmKOrBFMpwaWQHkLjESgdfWtZm1PU8uwUn2td_WBtPCS7E/s72-c/corona.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/cdc_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/cdc_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy