එජාපයේ දරදිය ඇද තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර හෝ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර නොලැබීම නිසා ඉතාම ...
එජාපයේ දරදිය ඇද තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර හෝ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර නොලැබීම නිසා ඉතාම අසහනයට පත්ව සිටින්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වීය.
ඒ අද (26) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“සති දෙකක් පුරා අඛණ්ඩව පෙන්වූ ඇමැති මාරුව නාට්‍යය , නොඑසේනම් ආණ්ඩුවේම ඇමතිවරුන් පැවසු විකට නාට්‍යය දැන් අවසන්. මේක හරියට කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්. ජනාධිපතිතුමා පසුගිය කාලයේදී කිව්වේ ඡන්දයෙන් පස්සේ ආර්ථිකය මගේ අතට ගන්නවා කියා. ආණ්ඩුව තුළ රැඩිකල් වෙනසක් කරනවා කියා. ජනතාවත් ඇස් දල්වා මේ රැඩිකල් වෙනස දෙස බලා හිටියා. අන්තිමට මොකද වුණේ? ආර්ථිකයට සම්බන්ධ සියලුම අමාත්‍යංශ තවමත් තිබෙන්නේ එජාපය අතේ. නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඇමැති මණ්ඩල සංශෝධනයෙන් ජනතාව සතුටුත් නෑ. ඇමතිවරුන් සතුටුත් නෑ. කවුරුත්ම සතුටු වී නෑ.”
“එජාපයේ දරදිය ඇදලා තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුරවත් ලැබේවි කියලා බලාපොරොත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර නොලැබීම නිසා ඉතාම අසහනයට පත් වී සිටිනවා. මේ නිසා එජාපයේ දෙවෙනි පිපිරිම අත ළඟයි. ඒ වගේම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක යළි කරළියට ගෙන ආ යුතුයි. එහෙම ගෙන එනවා නම් අපි අත්සන් කරන්න ලෑස්තියි කියන පණිවිඩය මෙතෙක් අගමැතිතුමන් රැකගැනීම සඳහා කටයුතු කරමින් සිටී එජාපයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් අපට ලැබෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS