දි වන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිම...
දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.
හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ මාධ්‍යය හමුවක් පවත්වමින් කනපති කනගරාජ් මහතා පැවසිය.
දිවන්ගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාවට ප්‍රජා අයිතිය ලබා දුන් බවත්, එ අනුව වතු කම්කරුවන්ගේ ජන්දය හංසයා ලකුණට ලබා දෙන ලෙස සමාජ මාධ්‍යය ජාලා මගින් සහ අත්පත්‍රිකා මගින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහාතාගේ ජායාරුපය , දිවන්ගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ ඡායාරුපය , දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ඡායාරුප ප්‍රදර්ශනය කරමින් වතුකරයේ ජනතාව නොමග යවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉවසා ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන වතුකරයේ දේශපාලනයෙකු විසින් මෙය සිදු කර ඇති බව කනපති කනගරාජ් මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පොලිසිය දැනුවත් කර ඇති බවත්, මෙවැනි පහත් දේශපාලනයක් වතුකරයේ සිදු නොකරන ලෙසත් වතුකරයේ ජනතාව මෙවැනි කුමන්ත්‍රණ වලට හසු නොවන බව කනපති කනගරාජ් මහතා මාධ්‍යය හමුවේදි කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS