ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු අද(11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර තිබේ. ශ්‍රීලනිප ඇමැතිවරුන් සිය අමාත්‍ය ධූරවලින් ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු අද(11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර තිබේ.
ශ්‍රීලනිප ඇමැතිවරුන් සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට මේවන විට තීරණය කර නොමැති බව බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේවන විට අමාත්‍යවරුන් අතර යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අමාත්‍යධූරවලින් ඉවත්වී ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර අනෙක් යෝජනාව වන්නේ මේවන විට ජනතා මතය ප්‍රකාශ වී ඇති බැවින් තවදුරටත් බෙදී වෙන්වී නොසිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රීලනිපය එක් වීමටය.
මේ අතර ශ්‍රීලනිප ඇමැතිවරුන් හමුවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
COMMENTS