සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශ්ලේෂකයින් විසින් තමා ඇතුළු පිරිසට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එම පක්ෂයේ මෙහෙ...
සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශ්ලේෂකයින් විසින් තමා ඇතුළු පිරිසට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ස්වාධීන අදහස් ගරු කිරීමට අකමැති මෙම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා ද අපහසුතාවට පත් කරමින් සිටින බවද ඔහු සඳහන් කර යි.
කවුරුන් කුමක් පැවසුව ද තම දේශපාලන ගුරුවරයා අන් කවරෙකු හෝ නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ද පවසන හරින් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතා හදුන්වා දෙන්නේ තමනගේ දේශපාලන ගමන් සගයා සහ ලොකු අයියා ලෙසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔශු මෙම අදහස් පල කර ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳවද හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් ද ප්‍රකාශ කරයි.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට අනාවරණය වී ඇති කරුණු හමුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බිත්තියට හේත්තු වී ඇති බවය.

COMMENTS