නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම මාර්තු මාසය තුළදී සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කතානායක කරු ජයසූරිය ...
නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම මාර්තු මාසය තුළදී සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී කථානායකවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
සියයට 25ක කාන්තා නියෝජනය තහවුරු කිරිමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු කිහිපයක් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් කථානායකවරයාට මෙහිදී පෙන්වා දී ඇති අතර, අවශ්‍යතාවයක් ඇති වුවහොත් යම් යම් සභාවල කාන්තා නියෝජනයේ සීමාව පිළිබඳ සංශෝධනයක් කිරීමට සිදුවන බවද පැවසී යැයි කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එලැඹෙන සතියේදී පැවැත්වෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට මෙම කරුණු වාර්තා කරන ලෙස එහිදී කථානායකවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දුන් බවද එහි සඳහන් වේ.
එමෙන්ම, මැතිවරණ ක‍්‍රියාවලියේ දී ඇති වන අඩුපාඩු අවම කර ගැනීමට අදාලව මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාවක්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා මහින්ද දේශප‍්‍රිය මහතාට දැනුම් දී ඇති අතර අනාගතයේ මැතිවරණ සඳහා විද්‍යුත් ක‍්‍රමයක් යොදා ගැනීම පිළිබඳව ක‍්‍රියාවලිය අධ්‍යයනය කරන ලෙසද මෙහිදී කථානායකවරයා මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
COMMENTS